Home » ශ්‍රි ලංකා නීති විද්‍යාලයේ අභිමානවත් 150 වැනි සැමරුම “Back To Law College” ළඟදීම

ශ්‍රි ලංකා නීති විද්‍යාලයේ අභිමානවත් 150 වැනි සැමරුම “Back To Law College” ළඟදීම

by yasara
May 9, 2024 3:55 pm 0 comment

ශ්‍රි ලංකා නීති විද්‍යාලයේ අභිමානවත් 150 වැනි සංවත්සරය වෙනුවෙන් පවත්වනු ලබන “Back To Law College” වැඩසටහන පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් ඊයේ (08)  ශ්‍රි ලංකා නීති විද්‍යාලය පරිශ්‍රයේ දී පැවැත්විණි.

බ්‍රිතාන්‍ය ජාතිකයින් විසින් අත්පත් කරගත් යටත් විජිතයන්ගේ නීති අධ්‍යාපනය ආරම්භ මූලික වශයෙන් වූයේ 19 වැනි සියවසේ දීය.

මේ අතුරින් මුළු ආසියාවේම ප්‍රථම උසස් අධ්‍යාපන ආයතනය බවට පත්වූයේ 1874 දී ආරම්භ වූ ශ්‍රි ලංකා නීති විද්‍යාලයයි.

එදා පටන් අද වනතුරු ශ්‍රි ලංකා නීතී විද්‍යාලය මෙරට උන්නතිය වෙනුවෙන් දායාද කළ ප්‍රතාපත් චරිත බොහෝය.

150 වසරක ගමන් මගේ වැදගත් සංධිස්ථානයක් වන “ Back To Law College “ වැඩසටහන එළඹෙන ජූලි මාසයේ 06 වැනිදා පැවැත්වීමට මේ වන විට සියළු කටයුතු සූදානම් කර තිබේ.

ඒ අනුව අදියර දෙකකින් සමන්විත මෙම වැඩසටහනේ පළමු අදියරය ජූලි මස 06 වන දින සවස 3.30 ට නීති විද්‍යාල පරිශ්‍රයේ දී පැවැත්වෙනු ඇත.

ආරාධිත දේශන කිහිපයකින් මෙන්ම ඡායාරූප ප්‍රදර්ශනයකින් පළමු අදියරේ වැඩසටහන සමන්විතය.

දෙවන අදියරේ වැඩසටහන ජූලි මස 06 වැනිදා සවස 6.30 ට කොළඹ 07 මෙට්ලන්ඩ් පෙදෙසේ CH & FC ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන අතර ජනකාන්ත සංගීත කණ්ඩායම් දෙකක් සහභාගී වන විචිත්‍රවත් සංගීත සැඳෑවක් මෙහි පැවැත්වීමට මේ වන විට සියළු කටයුතු සැලැසුම් කර ඇත.

මෙම උත්සවයට අදාළ ප්‍රථම ටිකට්පත නිකුත් කිරීම ඊයේ සිදු කෙරුණු අතර මේ අනුව සංවිධායක මණ්ඩලය විසින් අදාළ පළමු ටිකට් පත ගරු අග්‍රවිනිශ්චයකාර ජයන්ත ජයසූරිය මහතා වෙත පිරිනැමීම සිදු කරන ලදි.

ඔිනෑම නීති ශිෂ්‍යයෙකුට මෙන්ම සියළු නීතීඥවරුන්ට මෙම සංවත්සරය සඳහා සහභාගී වීමේ හැකියාව පවතින බව සංවිධායක මණ්ඩලය දැනුම් දෙයි.

මෙම සංවත්සර උත්සවය තුළින් ලැබෙන ප්‍රතිලාභ සංස්ථාගත නීති අධ්‍යාපන සභාව හරහා නීති විද්‍යාලයේ දියුණුවටත් නීති අධ්‍යාපනයේ උන්නතිය වෙනුවෙනුත් යෙදවීමට බලාපොරොත්තු වන බව සංවිධායක මණ්ඩලය වැඩිදුරටත් පැවැසීය.

මෙම උත්සවයට ප්‍රධාන සංවිධායකින් වන ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස ,ජනාධිපති නීතීඥ කුවේර ද සොයිසා ,නීති විද්‍යාලයේ විදුහල්පති ආචාර්ය අතුල පතිනායක,ගරු නීතිපති සංජය රාජරත්නම් ,නීතීඥ සංගමයේ සභාපති කෞෂල්‍ය නවරත්න ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගී විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT