Monday, May 20, 2024
Home » අපේ නිර්පාක්ෂික අපේක්ෂකයා රනිල් – හිටපු ඇමැති රවී කරුණානායක

අපේ නිර්පාක්ෂික අපේක්ෂකයා රනිල් – හිටපු ඇමැති රවී කරුණානායක

by sachintha
May 9, 2024 1:30 am 0 comment

නිර්පාක්ෂික අපේක්ෂකයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කරන බව හිටපු මුදල් ඇමැති රවී කරුණානායක මහතා ප්‍රකාශ කළේය.

හිටපු ඇමැතිවරයා මේ බව පැවැසුවේ පෙරේදා (07) කොළඹදී පැවති මාධ්‍ය හමුවට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ඇමැතිවරයා මෙලෙස ද කීවේය.

“රජයේ නිලධාරීන් මීට වඩා ස්මාර්ට් සේවයක් කරන්න ඕනෙ. නවීකරණයට ලක් කරන්න ඕනෙ. රට ඉදිරියට ගෙන යන්න ව්‍යවසායකයන් බිහි කරන්න ඕනෙ. බැංකු ණය ගැනීම ඉතා අපහසු තත්ත්වයක් බවට පත්වෙලා. තරගකාරීත්වයට භාණ්ඩ ගේන්න අවස්ථාව දෙන්න ඕනෙ. එතකොට ඔය අල්ලස් වංචා දුෂණ සියල්ල නවතනවා. මේ පනත හරහා මුල්‍ය බලය එක තැනකට ගන්න හදන්නේ කියලා චෝදනාවක් තියෙනවා. මුල්‍ය බලය කොහොමත් පාර්ලිමේන්තුවට එනවා. ඒකෙන් පාස් කරන්න ඕනෙ. මුදල් අනුමත කරන්න ආයෝජකයන් එනවා. නිලධාරීන් ෆයිල් මාරු කරනවා. තීරණයක් ගන්න ලොකු කාලයක් යනවා. මේ පනත හරහා ඒ බාධක නැති වෙයි. අපි නිර්පාක්ෂික අපේක්ෂකයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කරනවා. සියලු පාර්ශ්ව මේකට උදවු කරන්න ඕනෙ. මේ වෙලාවේ අපේක්ෂකයා කවුද කිය කියා යන්න වෙලාවක් නෙමෙයි. මේ දවස්වල කරන්න වැඩ කොටසක් තියෙනවා.

හැම පක්ෂයම ඇවිත් උදවු කරන්න ඕනෙ. එක පුද්ගලයෙක්ට පුළුවන් වුණා මේ විදිහට රට ගොඩනගන්න. ණය ප්‍රතිව්‍යූහගතකරණය අන්තිම තැන දැන් තියෙන්නේ. අපේ පිරිසක් එහෙ ගිහින් සාකච්ඡා කරමින් ඉන්නේ. මේ ප්‍රතිඵල අයි. එම්. එෆ්. විධායක කමිටුවට දැම්මට පස්සෙ අපට ණය බරතාවකින් තොරව ඉස්සරහට යන්න පුළුවන් වෙයි. ආර්ථිකයක් හදන්න අවුරුදු ගානක් යනවා. ඒක නැති කරන්න සතියකට දෙකකට පුළුවන් කියලා අපි දැක්කනෙ. ඉන්දියාව ගැන කිවුවා. දැන් ඉන්දියාවේ හොඳම මිත්‍රයා අපි. ජනතාව දැඩි ලෙස පීඩනයට පත්වෙලා තියෙනවා. දේශපාලන බිම් බෝම්බයක් මේ පත්තු වෙලා තියෙන්නේ. ඒ දේශපාලන වාසියට කළ දේවල් නිසයි. ජනාධිපතිවරණයට බය පිරිස තමයි ඔය පාර්ලිමේන්තුව විසුරවා හරින්න කියන්නේ.”

නෙත්මි පූජනී රත්නායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT