Tuesday, May 21, 2024
Home » බැකෝ යන්ත්‍රයක් සමඟ පාලමක් කඩා වැටෙයි

බැකෝ යන්ත්‍රයක් සමඟ පාලමක් කඩා වැටෙයි

by yasara
May 10, 2024 12:52 pm 0 comment

කහවත්ත ප්‍රදේශයේ අතුරු මාර්ගයක පාලමක් උඩින්  බැකෝ යන්ත්‍රයක් ගමන් කරමින් තිබිය දී එම බැකෝ රථය පාලමේ කොටසක් ද සමඟ දොලකට කඩා වැටී තිබෙයි.

අද (10) උදෑසන සිදු වූ මෙම අනතුරින් බැකෝ යන්ත්‍රයේ රියදුරුට හානියක් සිදු වී නොමැත.

දිඔුල්වල හරහා පල්ලෙගම පුධාන මාර්ගයේ හත්ඇල්ල දොල  හරහා ඉදිකල  පාලම මතින්    බැකෝ  යන්ත්‍රයක් ගමන් කරමින් තිබියදි පාලමේ කොටසක් සමග  එම බැකෝ  රථය දොලට වැටිමෙන්  මාර්ගයේ ගමනා ගමන කටයුතු සම්පුර්ණයෙන්ම නැවතී තිබෙයි

අනවසරයෙන් මැණික් ඉල්ලම් ලබා ගැනිම නිසා පාලමේ දෙපස ඉවුරු ඛාදනය විම නිසා පාලමේ කොටසක් කඩා වැටෙන්නට  ඇතැයි නිලධාරීන් පවසති .

ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිළධාරින් මේ සම්බන්ධව වැඩිදුර සොයා බැලීම් කටයුතු කරයි .

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT