Tuesday, May 21, 2024
Home » ඉතාලි සහ ජර්මන් ගුවන් බලපත්‍ර වලට යොදා ගන්නා ලිපි ලේඛණ තොගයක් සමඟ ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට

ඉතාලි සහ ජර්මන් ගුවන් බලපත්‍ර වලට යොදා ගන්නා ලිපි ලේඛණ තොගයක් සමඟ ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට

by yasara
May 10, 2024 12:28 pm 0 comment

සමග ව්‍යාපාරිකයෙකු අද (10)  උදෑසන කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

මොහු මීගමුව , කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.

මොහු ගුවන් යානා ප්‍රවේශ පත්‍ර අලෙවි කිරීමේ නියෝජිත ආයතනයක් පවත්වා ගෙන යන අතරතුර ඩුබායි රාජ්‍යය වෙත ගොස් රෙදිපිළි සහ සපත්තු රැගෙන විත් මෙරට තුළ අලෙවි කිරීමේ ව්‍යාපාරයක ද නිරත වී සිටින්නෙකි .

මොහු අද උදෑසන 08.30 ට ඩුබායි සිට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්.- 579 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

ඔහු විසින් රැගෙන ආ ගමන් මලු තුළ ඉතාලි ගමන් බලපත්‍ර 09 ක් කූඨ ලෙස සකස් කිරීමට අවශ්‍ය මුල් පිට කවර සහ ඒවාට අදාළ වීසා සටහන් පත්‍රිකා 09 ක් සහ ජර්මන් ගමන් බලපත්‍රයක් කූඨ ලෙස සකස් කිරීමට අවශ්‍ය මුල් පිට කවරයක් සහ වීසා සටහන් පත්‍රිකාවක් ද තිබී කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

මොහු මෙම ලිපි ලේඛන භාවිතා කරමින් කූඨ ලෙස ගුවන් ගමන් බලපත්‍ර සකස් කර විදේශීය රටවලට සංචාරක වීසා යටතේ තැනැත්තන් වෙළෙඳාම නිරත වන අයෙකු ද විය හැකි බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් සැක පහළ කර තිබේ .

මෙසේ අත් අඩංගුවට ගත් මෙම ව්‍යාපාරිකයා සමග ඔහු නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ලිපි ලේඛන සියල්ල මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය .

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT