Home » කොළඹ කොටුව ඇතුළුව බස්නාහිර පළාතේ බරපතළ පුරාවස්තු විනාශයක් සිදු වෙනවා

කොළඹ කොටුව ඇතුළුව බස්නාහිර පළාතේ බරපතළ පුරාවස්තු විනාශයක් සිදු වෙනවා

by mahesh
May 10, 2024 1:00 am 0 comment

බලවත් පනත්වලට වඩා වැඩියෙන් මුදල් බලවත් නිසා කොළඹ කොටුව ඇතුළුව බස්නාහිර කොළඹ කොටුව ඇතුළුව බස්නාහිර පළාත තුළ බරපතළ පුරා වස්තු විනාශවීමක් සිදුව ඇතැයි බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ඇමැති විදුර වික්‍රමනායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07) ප්‍රකාශ කළේය.

ඇමැති විදුර වික්‍රමනායක මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැති විදුර වික්‍රමනායක මහතා මෙසේද පැවසීය.

ඇතැම් අවස්ථාවලදී පුරාවිද්‍යා වස්තු විනාශයන්වලට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ සහයද ලැබී තිබෙනවා.

මොනතරම් බලවත් පනත් තිබුණත් සල්ලි ඊට වඩා බලවත්, ඒ නිසා පසුගිය කාලාන්තරයක් මුළුල්ලේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේත් සහාය ඇතිව නීති විරෝධි කටයුතු සිද්ධවෙලා තිබෙනවා.

මේ පිළිබඳව විශේෂ සමීක්ෂණ කටයුතු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් කරගෙන යනවා. මේ ගැන අපි සමාලෝචන රැස්වීමක් පවත්වන්න බලාපොරොත්තු වෙනවා.

කොළඹ පමණක් නොවෙයි බස්නාහිර පළාතෙම කොළඹ කොටුවත් ඇතුළුව බරපතළ ලෙස පුරා වස්තු විනාශවීමක් වෙලා තිබෙනවා. මේ සියල්ලක් ගැනම අපි රට දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT