Home » අපරාධ නිවාරණ යතුරුපැදි බළකායේ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් අල්ලස් දැලේ

අපරාධ නිවාරණ යතුරුපැදි බළකායේ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් අල්ලස් දැලේ

by mahesh
May 10, 2024 1:00 am 0 comment

කොට්ටාව පොලිසියට අනුයුක්තව සේවය කරන අපරාධ නිවාරණ යතුරුපැදි බළකායේ පොලිස් නිලධාරින් දෙදෙනෙකු මත්ද්‍රව්‍ය ජාවාරම්කාර යුවළකගෙන් අල්ලස් ලබා ගනිද්දී අල්ලස් කොමිසමේ දැලට පැටලී ඇතැයි කොට්ටාව පොලිසියෙන් වාර්තා වේ. අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50ක්‌ සමඟ අත්අඩංගුවට පත් තරුණ යුවළක් නිදහස් කිරීමට ලක්ෂ 03ක්‌ ඉල්ලා ඉන් කොටසක් ලබා ගැනීමේදී මෙසේ අල්ලස් කොමිසමේ නිලධාරින්ගේ අත්අඩංගුවට පත්ව ඇත්තේ එම අපරාධ නිවාරණ යතුරුපැදි කණ්ඩායමට අනුයුකත් පොලිස් සැරයන්වරයකු හා පොලිස් කොස්තාපල්වරයෙකි.

එම නිලධාරින් දෙදෙනා වෙත ඔත්තුකරුවකු විසින් ලබා දුන් තොරතුරක මත්ද්‍රව්‍ය ජාවාරම්කාර යුවළ යතුරුපැදියකින් යමින් සිටියදී අත්අඩංගුවට ගෙන නිදහස් කිරීමට ඉහත සඳහන් අල්ලස් මුදල ඉල්ලා එම ස්ථානයේදීම රුපියල් හැත්තෑපන් දාහසක මුදලක්

ලබාගෙන ඔවුන් පැමිණි යතුරුපැදිය තබාගෙන ඉතිරි මුදල රැගෙන එන ලෙසට නියෝග කර නිදහස් කර යවා තිබේ. පසුව එම යුවළ මේ බව අල්ලස් කොමිසමේ නිලධාරින් වෙත පැවසීමෙන් පසු අදාළ පොලිස් නිලධාරින් දෙදෙනා උපායශීලිව අල්ලස් දැලට කොටු කරගෙන තිබේ. සැකකාර පොලිස් නිලධාරින් දෙදෙනා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් කොට්ටාව පොලිසිය වෙනම පරීක්ෂණ ආරම්භ කර තිබේ.

ඇන්ටන් - ප්‍රනාන්දු පනාගොඩ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT