ඊසි කෑෂ් ක්‍රමයට හෙරොයින් මත්කුඩු ජාවාරමේ නියුතු කාන්තාවක සහ තවත් පුද්ගලයකු රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් මත්කුඩු තොගයක් සමඟ ඊයේ (27) අලුයම අත්අඩංගුවට ගැනීමට හිරණ පොලිසිය සමත්ව සිටී.
පානදුර, හිරණ හේමන්ත පෙරේරා රණවිරු මාවතේ පදිංචි 28 සහ 34 හැවිරිදි දෙදෙනෙකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කීය.
සැකකරුවන් සන්තකයේ තිබී මත්කුඩු ග්‍රෑම් 622 ක්, කුඩා ප්‍රමාණයේ බර කිරන ඩිජිටල් තරාදියක්ද , ජංගම දුරකථන දෙකක් ද පොලිස් භාරයට ගෙන තිබේ.
සැකකරුවන් මීට දින කිහිපයකට පෙර මියගිය ප්‍රබල මත්කුඩු ජාවාරම් කරුවෙකු වන පානදුර කළු කොටියා නමැත්තාගේ ජාවාරමට සම්බන්ධව කටයුතු කර ඇති බවත් පොලිසිය සඳහන් කරයි.
සැකකාරිය මසකට රුපියල් විසිදහසක මුදලක් ගෙවා නිවසක් කුලියට ගෙන ජාවාරම කරගෙන ගොස් ඇති බව ද පොලිසිය කීය. රෝමී නිල සුනඛයා යොදා වැඩිදුරටත් නිවස පරීක්ෂා කරන ලදී.
සැකකරුවන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැදවුම් නියෝග ලබාගැනීමට නියමිත බව පොලිසිය කීය.
ජෙ. පොලිස් අධිකාරී සමන්ත වෙදගේ, සහකාර පොලිස් අධිකාරී කමල් ජයනෙත්ති යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමීර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩී.එම්.පී.සදරුවන් මහතාගේ මෙහෙයවීමෙන්, කොස්තාපල් වරුන්වන සහ කණිෂ්ක (90316), මුණසිංහ (20738), 97845 කාවින්ද (97845), 93473 තිලකසිරි (94473), නිමන්ත (101251), කපිල (91476) සහ කාන්තා සමන්මලී (11876) වැටලීමට එක්වූහ.
පොතුපිටිය සුමිත් ප්‍රේමතිලක සහ බණ්ඩාරගම බිමල් ජයසිංහ