Tuesday, May 14, 2024
Home » හැත්තෑ ලක්ෂයේ කොළ මඩින යන්ත්‍රයට වන අලි බැට දීලා

හැත්තෑ ලක්ෂයේ කොළ මඩින යන්ත්‍රයට වන අලි බැට දීලා

by sachintha
February 12, 2024 1:56 am 0 comment

අනුරාධපුර මහවිලච්චිය කිරල්පැටියාව ප්‍රදේශයේ තම හේනට යාබදව පිහිටි කුඹුරක පසුගිය මහ කන්නයේ කැකුළමට වගා කළ වී වගාවේ අස්වනු නෙළීම සඳහා රැගෙනවිත් තිබූ වත්මන් වෙළෙඳපළේ රුපියල් හැත්තෑ ලක්ෂයක් පමණ වටිනා කොළ මඩින යන්ත්‍රයකට වන අලි තිදෙනෙකු විසින් පහර දී නැවත ප්‍රයෝජනයට ගත නොහැකි තරමට සම්පූර්ණයෙන්ම අලාභ හානි සිදු කොට ඇත.

අදාළ කුඹුරේ ගොයම් කොළ මැඩීමෙන් අනතුරුව ඉකුත්දා (08) රාත්‍රි 7.30ට පමණ එම යන්ත්‍රය නවතා තිබූ අවස්ථාවේ මෙලෙස වන අලි පහර දී අලාභ හානි සිදු කොට ඇත. මහවිලච්චිය නව ගම්මාන කොලනියේ පදිංචි එම කොළ මඩින යන්ත්‍රයේ හිමිකරු ඩී. ඒ. සරත් ජයතිලක මහතා කියා සිටියේ තමන් එම කොළ මඩින යන්ත්‍රය 2018 වසරේදී මිලදී ගත් එකක් බවයි. එම යන්ත්‍රයට වන අලි පහර දීම සිදු කළ අවස්ථාවේ එය තුන් හතර වතාවක් පමණ පෙරළා දමා තළා පොඩි පට්ටම් කර තිබූ බවත් ඒ මහතා පැවසීය. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තමා වනජීවී දෙපාර්තමේන්තුව වෙත දැනුම්දීමෙන් පසු එහි නිලධාරීන් විසින් ඒ පිළිබඳව විමර්ශනයක් සිදු කොට එම යන්ත්‍රයේ වත්මන් වටිනාකම අනුව තක්සේරු මුදලක් වන්දි වශයෙන් ලබා දීමට නිර්දේශ කිරීමට කටයුතු කරන බව පවසා ඇත. මේ පිළිබඳව එහි හිමිකරු විසින් මහවිලච්චිය පොලිසිය වෙත ද පැමිණිලි කර ඇත.

අනුරාධපුර සමූහ පර්සි කුරුනේරු

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT