Saturday, May 11, 2024
Home » රුසියානු විපක්ෂ නායක හදිසියේ මිය යයි

රුසියානු විපක්ෂ නායක හදිසියේ මිය යයි

by chanaka
February 17, 2024 12:05 pm 0 comment

සිරගතකර සිටි රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නවල්නි ජීවිතක්ෂයට පත්ව තිබේ.

යමලෝ නෙනෙට්ස් පළාතේ බන්ධනාගාරයක සිර දඬුවම විඳිමින් සිටි 47 හැවිරිදි ඇලෙක්සි නෙවල්නි එරට වේලාවෙන් ඊයේ(16) පස්වරු දෙකට මියගොස් ඇතැයි බන්ධනාගාර නිලධාරීන් වාර්තා කර ඇත.

රුසියානු මාධ්‍ය සඳහන් කරන්නේ ශාරීරික සුවතාවය සඳහා ඇවිදිමින් සිටින අතර ඔහු අසනීප වී ඇති බවයි.

පසුව ක්ලාන්ත වී ඇති ඔහු ඊට සුළු වේලාවකට පසුව මිය ගොස් තිබුණි.

නිල වශයෙන් මරණයට හේතුව ප්‍රකාශ කර නැතත් ලේ කැටියක් සිර වීමෙන් මරණය සිදුව ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළ බවත් රුසියානු මාධ්‍ය වාර්තා කළේය.

වංචා සිදුවීමක් සම්බන්ධයෙන් වරදකරු වීම හේතුවෙන් 2021 වසරේදී ඇලෙක්සි නෙවල්නි සිරගත කළේය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT