Home » චීන රෝහ­ල­කදී වලිග කොට­සක් සහිත අසා­මාන්‍ය දරු උප­තක්

චීන රෝහ­ල­කදී වලිග කොට­සක් සහිත අසා­මාන්‍ය දරු උප­තක්

by Gayan Abeykoon
March 19, 2024 1:28 am 0 comment

දරු  උප­ත්ව­ලදී ඉතා කළා­තු­ර­කින් දක්නට ලැබෙන කොඳු ඇට පෙළ අසා­මාන්‍ය ලෙස දික් වීමේ  සහ­ල­ක්ෂණ සහිත දරු උප­තක් චීනයේ සිදු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.  කොඳු­ඇ­ට­පෙළ වලිග කොට­සක් මෙන් පිට­තට නෙරා පැව­තීම එම සහ­ල­ක්ෂ­ණය වන බවත්, එම  තත්ත්වය යටතේ චීනයේ හැංෂූ ප්‍රාන්තයේ රෝහ­ලක මීට දින කිහි­ප­ය­කට පෙර එම දරු  උපත සිදු වී ඇති බවත් වාර්තා වේ. දරු­වාගේ වර්ධ­න­යත් සමඟ දින කිහි­ප­ය­කදී එය  වර්ධ­නය වී සෙන්ටි­මී­ටර් 10ක පමණ වලිග කොට­සක් මෙන් පෙන්නුම් කරන බවත් විදෙස්  මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

Tethered Spinal Cord නමැති ඉතා දුර්ලභ  මේ සහ­ල­ක්ෂ­ණය සහිත දරු­වාගේ තත්ත්වය පරීක්ෂා කළ වෛද්‍ය­වරු විම­ති­යට පත් වී  ඇති අතර,  එම වලිග කොටස සහිත දරු­වාගේ වීඩියෝ පට­යක් ද රෝහලේ ළමා සැත්කම්  සම්බන්ධ නියෝජ්‍ය ප්‍රධාන වෛද්‍ය ලී සමාජ මාධ්‍ය­යට මුදා හැර ඇතැයි වාර්තා  වේ.

දරු­වාගේ කොඳු­ඇ­ට­පෙළ අතු­රින් පිට­තට නෙරා ඇති එම වලිග කොටස සැත්ක­ම­කින්  ඉවත් කිරි­මට මාපි­යන් විසින් ඉල්ලී­මක් කරනු ලැබු­වද, වෛද්‍ය­වරු එම ඉල්ලීම  ප්‍රති­ක්ෂේප කර ඇතැයි ද වාර්තා වේ. එය දරු­වාගේ ස්නායු පද්ධ­තිය සමඟ සෘජු­වම  සම්බන්ධ බැවින් එය ඉවත් කිරී­මෙන් දරුවා සදා­කා­ලික ආබා­ධි­ත­යකු බවට පත්වී­මට හෝ  වෙනත් ආබාධ ඇති­වී­මට හේතු වනු ඇතැයි වෛද්‍ය­වරු නිග­ම­නය කර ඇති බවත් වාර්තා  වේ. එහෙත් මෙවැ­නිම සහ­ල­ක්ෂණ සහිත දින දහ­යක බිළිඳු දරු­ව­කුගේ කොඳු­ඇ­ට­පෙළ  අතු­රින් පිට­තට නෙරා තිබූ වලිග කොටස සැත්ක­මක් මගින් සාර්ථ­කව ඉවත් කිරි­මට   පසු­ගිය වසරේ ජූනි මාස­යේදී දකුණු අමෙ­රි­කාවේ වෛද්‍ය­වරු සමත් වී තිබූ බවත්  විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT