Thursday, May 16, 2024
Home » මාතලේ ක්‍රිකට් දක්ෂ­යින්ට සම්මාන

මාතලේ ක්‍රිකට් දක්ෂ­යින්ට සම්මාන

by Gayan Abeykoon
March 19, 2024 1:28 am 0 comment
ද­ක්ෂ­තම ක්‍රීඩි­කාව ලෙස ලෑලි­අඹේ මහා විදු­හලේ යසන්ති නිම­න්තිකා වෙත ශ්‍රී ලංකා ක්‍රිකට් භාණ්ඩා­ගා­රික හා මාතලේ දිස්ත්‍රික් ක්‍රිකට් සංග­මයේ ලේකම් සුජීව ගොඩ­ලි­යද්ද මහතා සම්මා­නය පිරි­නැමූ අයුරු. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ප්‍රභාත් ජය­සූ­රිය හා ළහිරු මධු­ශංක යන මහ­ත්ව­රුද සිටිති.

මාතලේ දිස්ත්‍රි­ක්කයේ දක්ෂ­තම ක්‍රිකට් ක්‍රීඩ­කයා ලෙස මාතලේ සාන්ත තෝමස් විද්‍යා­ලයේ කවීෂ ලිය­නා­රච්චි සම්මාන දිනා­ගත් අතර, දක්ෂ­තම ක්‍රීඩි­කාව ලෙස ලෑලි­අඹේ මහා විදු­හලේ යසන්ති නිම­න්තිකා සම්මා­න­යට පාත්‍ර වූවාය. යසන්ති නිම­න්තිකා පසු­ගි­යදා බංග්ලා­දේ­ශයේ සංචා­රය කළ ශ්‍රී ලංකා කාන්තා පිලේ සාමා­ජි­කා­වක් වූවාය.

ශ්‍රී ලංකා ක්‍රිකට් භාණ්ඩා­ගා­රික හා මාතලේ දිස්ත්‍රික් ක්‍රිකට් සංග­මයේ ලේකම් සුජීව ගොඩ­ලි­යද්ද මහතා ප්‍රධාන ආරා­ධිත අමුත්තා ලෙසත්, මාතලේ පුර­ව­ර­යෙන් ශ්‍රී ලංකාව නියෝ­ජ­නය කරන ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ප්‍රභාත් ජය­සූ­රිය, ශ්‍රී ලංකා විස්සයි 20 හා එක්දින ක්‍රීඩක ළහිරු මධු­ශංක යන මහ­ත්ව­රුන් විශේෂ ආරා­ධි­ත­යින් ලෙස සහ­භාගී වූ මෙම සම්මාන ප්‍රධා­නෝ­ත්ස­ව­යේදී මාතලේ දිස්ත්‍රි­ක්කයේ වයස අවු­රුදු 13න්, 15න්, 17න්, 19න් හා 23න් පහළ ක්‍රීඩක ක්‍රීඩි­කා­වන් ඇගැ­යී­මට ලක් කෙරුණි. මෙහිදී විවිධ දක්ෂතා ඇති ක්‍රීඩක ක්‍රීඩි­කා­වන්ට වෙන වෙනම සම්මාන ප්‍රදා­නය විය.

මාතලේ දිස්ත්‍රික් ක්‍රිකට් සංග­මයේ සභා­පති උපාලි සිරි­සේන මහතා සහ මාතලේ දිස්ත්‍රි­ක්කයේ විදු­හ­ල්ප­ති­වරු මෙම අව­ස්ථා­වට එක්ව සිටි­යහ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT