Home » පාස්පෝට් ලොක්කා ලබන 1දා තෙක් රිමාන්ඩ්
පාතා­ල­යන් දෙදෙ­න­කුට රටින් පනින්න උදවු කළ

පාස්පෝට් ලොක්කා ලබන 1දා තෙක් රිමාන්ඩ්

හිටපු ලොක්කාට ඇප

by Gayan Abeykoon
March 19, 2024 1:29 am 0 comment

ඩුබායි රාජ්‍ය­යට පලා­ගොස් සිටින පාතාල ක්‍රියා­කාරී දෙදෙ­න­කුට රටින් පලා­යෑම සඳහා ව්‍යාජ තොර­තුරු ඇතු­ළත් කර විදෙස් ගමන් බල­පත්‍ර සකස් කළැයි කියන සිද්ධි­ය­කට අදා­ළව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව අත්අ­ඩං­ගු­වට ගත් ආග­මන විග­මන දෙපා­ර්ත­මේ­න්තුවේ නියෝජ්‍ය පාල­ක­ව­ර­යකු වන චමින්ද ජනක ගුණ­රත්න ලබන 01 වැනිදා තෙක් රක්ෂිත බන්ධ­නා­ගාර ගත කිරී­මට වව්නි­යාව මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය ඊයේ (18) නියෝග කර ඇත. 

එසේම, මෙම සිද්ධි­ය­ටම අදා­ළව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව අත්අ­ඩං­ගු­වට ගත් ආග­මන විග­මන දෙපා­ර්ත­මේ­න්තුවේ හිටපු නියෝජ්‍ය පාලක සහ විශ්‍රාම වැටුප් දෙපා­ර්ත­මේ­න්තුවේ නියෝජ්‍ය අධ්‍ය­ක්ෂ­ව­ර­යකු වන ඉෂාර මෙන්ඩිස් යන අය රුපි­යල් ලක්ෂ 05 බැඟින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරී­මට කඩු­වෙල මහේ­ස්ත්‍රාත් චානිමා විජේ­බ­ණ්ඩාර මහ­ත්මිය ඊයේ (18) නියෝග කළාය.  මෙම සිද්ධි­යට අදාළ නඩුව කඩු­වෙල මහේ­ස්ත්‍රා­ත්ව­රිය හමුවේ කැඳවූ අව­ස්ථාවේ දී අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ මූල්‍ය විම­ර්ශන අංශයේ නිල­ධා­රීහු සැක­කරු අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කර­මින් සඳ­හන් කර සිටියේ, මෙම සැක­කරු ඉකුත් 2021 වසරේ දී ආග­මන විග­මන දෙපා­ර්ත­මේ­න්තුවේ නියෝජ්‍ය පාල­ක­ව­ර­යකු ලෙස ප්‍රධාන කාර්යා­ලයේ සේවය කර­මින් සිටිය දී පාතාල ක්‍රියා­කා­රි­ක­යකු වන දොඩ­ම්ගොඩ ලිය­නගේ ශාන් ආරේෂ් ලිය­නගේ නොහොත් ‘මතු­ගම ශාන්’ යන අයට රාජේෂ් කුමාර නමැ­ත්ත­කුට අයත් ජාතික හැඳු­නු­ම්ප­තට අනුව එන් 8962585 දරන විදෙස් ගමන් බල­ප­ත්‍රය සකස් කර දී ඇති බවය.

මෙම සැක­කරු තම රාජ­කා­රිය ඉටු කිරීමේ දී සැල­කි­ල්ලක් නොදක්වා කට­යුතු කර ඇති අතර එසේ නිසි­යා­කා­රව සොයා බලා සිය රාජ­කා­රිය ඉටු කළා නම් අදාළ ඡායා­රූ­ප­වල ඇති වෙන­ස්කම් සම්බ­න්ධ­යෙන් වැට­හී­මක් වන බවත් එසේ නම් මෙම වංචාව අල්ලා ගත හැකිව තිබූ බවත් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව අධි­ක­ර­ණ­යට කරුණු ඉදි­රි­පත් කර ඇත.

ඒ අනුව මෙම සැක­කරු හිතා­ම­තාම වංක චේත­නා­වෙන් මෙම වරද සිදු­කර ඇත්දැයි යන්න සම්බ­න්ධ­යෙන් මෙතෙක් විම­ර්ශන අව­සන්ව නොමැති බැවින් සැක­ක­රුට ඇප ලබා නොදී රක්ෂිත බන්ධ­නා­ගාර ගත කරන ලෙසට අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව අධි­ක­ර­ණ­යෙන් ඉල්ලීය.  සැක­කරු වෙනු­වෙන් අධි­ක­ර­ණයේ පෙනී සිටි ජනා­ධි­පති නීතිඥ අනිල් සිල්වා මහතා සඳ­හන් කර සිටියේ තම සේවා­දා­ය­කයා මේ වන විට විශ්‍රාම වැටුප් දෙපා­ර්ත­මේ­න්තුවේ සේව­ය­ක­රන අතර, මීට මාස හය­කට පෙර ආග­මන විග­මන දෙපා­ර්ත­මේ­න්තුවේ නියෝජ්‍ය අධ්‍ය­ක්ෂ­ව­රයා ලෙසට සේවය කළ බවත්, ඔහු සිදු­කර තිබුණේ අදාළ ලිපි­ගො­නු­වට අනු­මැ­තිය ලබා දී අත්සන යෙදීම පම­ණක් බවත් ය.   තම සේවා­දා­ය­කයා මෙම සිද්ධිය සම්බ­න්ධ­යෙන් නොසැ­ල­කි­ලි­මත්ව ක්‍රියා කළා මිස චේත­නා­න්වි­තව කිසි­වක් නොකළ බවත් ඔහුට පෙර­වැ­රදි නොමැති යහ­පත් රාජ්‍ය සේවයේ නියු­තුව සිටි නිල­ධා­රි­යකු බවත් සඳ­හන් කළ ජනා­ධි­පති නීති­ඥ­ව­රයා අධි­ක­ර­ණයේ ඉල්ලා සිටියේ ඕනෑම කොන්දේ­සි­යක් මත ඔහුට ඇප ලබා දෙන ලෙස­ටය.   ඉදි­රි­පත් වූ කරුණු සැල­කි­ල්ලට ගත් අධි­ක­ර­ණය සැක­ක­රුට ඇප ලබා­නො­දී­මට තරම් කරුණු පැමි­ණිල්ල විසින් ඉදි­රි­පත් කර නොමැති බවට තීර­ණය කර­මින් රුපි­යල් ලක්ෂ 5 බැඟින් වූ ශරීර ඇප දෙකක් මත සැක­ක­රුට ඇප ලබා­දී­මට තීර­ණය කළේය.

එමෙන්ම, මෙම සිද්ධි­ය­ටම අදාළ අනෙක් සැක­කරු වන ආග­මන විග­මන දෙපා­ර්ත­මේ­න්තුවේ නියෝජ්‍ය පාලක චමින්ද ජනක ගුණ­රත්න යන අය වව්නි­යාව මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කළ අව­ස්ථාවේ දී අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව අධි­ක­ර­ණ­යට කරුණු ඉදි­රි­පත් කර­මින් සඳ­හන් කළේ මෙම වරද සම්බ­න්ධ­යෙන් සැක­කරු අත්අ­ඩං­ගු­වට ගනු ලැබුවේ ශ්‍රී ජය­ව­ර්ධ­න­පුර රෝහලේ දී ප්‍රති­කාර ලබ­මින් සිටිය දී බවය.   මෙම සැක­කරු ආග­මන විග­මන කාර්යා­ලයේ වව්නි­යාව ශාඛා­වට පත්වී­මක් ලබා ගොස් සිටිය දී සුරේෂ් සුපුන් දයා­රත්න නොහොත් හීන­ටි­යන මහේෂ් යන අයට මාණි­ක්කුගේ දිනේෂ් සිල්වා යන නමින් ව්‍යාජ තොර­තුරු ඇතු­ළත් කර එන්. 9197915 දරන විදෙස් ගමන් බල­ප­ත්‍රය ඉකුත් 2022 වසරේ ජන­වාරි මාසයේ දී සකස් කර දී ඇතැයි ද අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව වව්නි­යාව මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට කරුණු වාර්තා කර තිබිණි.  මෙම ව්‍යාජ විදෙස් ගමන් බල­ප­ත්‍රයේ සඳ­හන් මාණි­ක්කුගේ දිනේෂ් සිල්වා යන අය මේ වන විටත් මීග­මුව බන්ධ­නා­ගා­රයේ රඳවා සිටින අයකු වන බවත් ඔහුගේ ජාතික හැඳු­නු­ම්පතේ ඇති ඡායා­රූ­පය සහ සුරේෂ් සුපුන් දයා­රත්න නොහොත් හීන­ටි­යන මහේෂ් යන අය­ව­ලුන්ගේ ඡායා­රූප බැලූ බැල්ම­ටම දෙදෙ­න­කුගේ බවට පෙනී ගියද එය නොතකා මෙම සැක­කරු අදාළ ක්‍රියාව සිදු­කර ඇතැයි ද අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව අධි­ක­ර­ණ­යට කරුණු ඉදි­රි­පත් කර ඇත.   ඉදි­රි­පත් වූ කරුණු සැල­කි­ල්ලට ගත් අධි­ක­ර­ණය එම සැක­කරු ලබන 01 වැනිදා තෙක් රක්ෂිත බන්ධ­නා­ගාර ගත කර එදින තෙක් නඩුව කල් තැබීය.

නිමන්ති රණ­සිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT