Home » ප්‍රධාන ජාවා­ර­ම්කරු බෙදන නියෝ­ජි­තයා කෝටි 3ක හෙරො­යින් සමඟ දැලේ
මැග­සින් බන්ධ­නා­ගා­රයේ කුඩු ජාවා­රම

ප්‍රධාන ජාවා­ර­ම්කරු බෙදන නියෝ­ජි­තයා කෝටි 3ක හෙරො­යින් සමඟ දැලේ

by Gayan Abeykoon
March 19, 2024 1:26 am 0 comment

මැග­සින් බන්ධ­නා­ගා­රයේ රඳවා සිටින මහා පරි­මාණ මත්කුඩු ජාවා­ර­ම්ක­රු­වකු බන්ධ­නා­ගා­රයේ සිට ජංගම දුර­ක­ථන භාවිත කර­මින් සිදු­ක­රනු ලබන  මත්කුඩු බෙදා හැරීමේ මහා පරි­මාණ ජාවා­ර­මක තොර­තුරු රැසක් හෙළි කර­ගත් පාන­දුර වලානේ පිහිටි මධ්‍යම දූෂණ මර්දන ප්‍රහා­රක බළ­කාය විසින් ඊට සම්බන්ධ  ප්‍රධාන ජාවා­ර­ම්ක­රු­වෙක් සහ මත්කුඩු බෙදා හැරීමේ නියෝ­ජි­ත­යෙක් රුපි­යල් කෝටි 03කට අධික වටි­නා­ක­මක් ඇති හෙරො­යින් කිලෝ­ව­කට වැඩි ප්‍රමා­ණ­යක් සමඟ පෙරේදා (17) අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

මෙම වැට­ලීම කර ඇත්තේ වග සහ හෝමා­ගම යන ප්‍රදේශ ආශි­ත­වය. එහි දී ප්‍රධාන බෙදා හැරීමේ ජාවා­ර­ම්කරු වග,  බැන්ඩි­ග­ම්පොල බාලගේ වත්තේ පිහිටි නිව­සක දී අත්අ­ඩං­ගු­වට ගෙන ඇත. ඔහු සතුව තිබී හෙරො­යින් කිලෝ 01යි ග්‍රෑම් 03ක් හමුවූ බව පාන­දුර වලානේ පිහිටි මධ්‍යම දූෂණ මර්දන ප්‍රහා­රක බළ­කාය සඳ­හන් කළේය. ඔහු­ගෙන් හෙළිවූ තොර­තුරු මත ප්‍රවා­හන සමා­ග­මක ආහාර බෙදා හැරීමේ නිර­තව සිටින පුද්ග­ල­යකු හෝමා­ග­මදී අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ. වග ප්‍රදේ­ශයේ දී අත්අ­ඩං­ගු­ව­ට­ගත් සැක­කරු විසින් සිල්ල­රට අලෙවි කිරී­මට ලබා­දෙන මත්කුඩු පාර්සල් මෙම පුද්ග­ලයා කුරු­ණෑ­ගල,  අවි­ස්සා­වේල්ල ඇතුළු ප්‍රදේ­ශ­වල  සිටින ප්‍රදේ­ශීය මත්කුඩු බෙදා­හ­රි­න්නන් වෙත රැගෙන ගොස් ලබා­දෙන බව විම­ර්ශ­නයේ දී අනා­ව­ර­ණය වී තිබේ. ඔහුව අත්අ­ඩං­ගු­වට ගැනීමේ දී ඔහු සතුව තිබී හෙරො­යින් ග්‍රෑම් 08කට වැඩි ප්‍රමා­ණ­යක් තිබී ඇත.

මැග­සින් බන්ධ­නා­ගා­රයේ රඳවා සිටින මහා පරි­මා­ණයේ මත්ද්‍රව්‍ය ජාවා­ර­ම්ක­රු­වෙක් වන මීගොඩ වසන්ත නමැති අයගේ මෙහෙ­යැ­වීම මත වග පිහිටි නිව­සක් කේන්ද්‍ර­ක­ර­ගෙන මහා පරි­මා­ණයේ මත්කුඩු බෙදා හැරීමේ ජාවා­ර­මක් සිදු­වන බවට මධ්‍යම  දුෂණ මර්දන ප්‍රහා­රක බළ­කායේ ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක ඉන්දික වීර­සිංහ මහ­තාට ලද තොර­තු­ර­කට අනුව මෙම වැට­ලීම කර ඇත්තේ බුද්ධි තොර­තුරු රැස් කිරී­මෙන් අන­තු­රු­වය.

මධ්‍යම දූෂණ මර්දන ප්‍රහා­රක බළ­කායේ බුද්ධි නිල­ධා­රි­යෙක් වන පොලිස් සැර­යන් ජය­ලාල් (428) ඇතුළු නිල­ධා­රීන් කණ්ඩා­ය­මක් විසින්  ඒ ගැන තොර­තුරු රැස්කි­රී­මේදී අනා­ව­ර­ණය වී ඇත්තේ මෙම නිවස මත්කුඩු ගබ­ඩා­කර කොටස් වශ­යෙන් බෙදා හැරී­මට යොදා ගන්නා බවය. වල දමා සඟවා ඇති මත්කුඩු අලු­යම් කාල­යට ගොඩ­ගෙන  සිල්ල­ර­යට බෙදා හරි­න්නන්ට බෙදා දීමට කොට­ස්ව­ලට වෙන්ක­රන බව ද එහි දී අනා­ව­ර­ණය වී තිබේ.

එම තොර­තු­රු­ව­ලට අනුව ක්‍රියා­ත්මක වෙමින් මධ්‍යම දුෂණ මර්දන ප්‍රහා­රක බළ­කායේ  ආර්.එම්.කේ. මහේ­න්ද්‍ ­පෙ­රේරා ඇතුළු විශේෂ පොලිස් නිල­ධා­රින් කණ්ඩා­ය­මක් යොදවා සිදු කරන ලද  වැට­ලීමේ දී නිශාන්ත කරු­ණා­රත්න හෙවත් රැවුලා නමැති ප්‍රධාන ජාවා­ර­ම්කරු අත්අ­ඩං­ගු­වට ගෙන ඇත්තේ රුපි­යල් කෝටි­ය­කට අධික වටි­නා­ක­මක් ඇති හෙරො­යින් කිලෝ 01යි ග්‍රෑම් 03ක් සම­ඟිනි. එහි දී සැක­කරු සන්ත­කයේ තිබී මත්කු­ඩු­වල බර කිරී­මට යොදා ගන්නා විද්‍යුත් තරා­දි­යක්, ජංගම දුර­ක­ථන 04ක්,  බැංකු කාඩ්පත් 04ක්,  පාස් පොත් 05ක් වීසා කාඩ් පතක් ද පොලි­සිය සොයා­ගෙන තිබේ.

මෙම සැක­ක­රුව මත්කුඩු සහ සොයා­ගත් භාණ්ඩද සමඟ රැඳ­වුම් නියෝ­ග­යක් මත ඉදිරි විම­ර්ශන පැවැ­ත්වී­මට හංවැල්ල පොලි­සි­යට භාර­දී­මට පිය­වර ගෙන ඇත.

අත්අ­ඩං­ගු­වට ගන්නා ලද රැවුලා නමැති මෙම සැක­කරු මීට පෙර මීගොඩ ප්‍රදේ­ශ­යේදී  හෙරො­යින් මත්ද්‍රව්‍ය  ළඟ තබා ගැනීම සම්බ­න්ධ­යෙන් සුරා­බදු දෙපා­ර්ත­මේ­න්තුවේ අත්අ­ඩං­ගු­වට පත්ව වසර 02ක පමණ කාල­යක් රිමාන්ඩ් බන්ධ­නා­ගාර ගතව සිට 2023 ඔක්තෝ­බර් මස සිට හංවැල්ල පොලිස් වසමේ වග,  බාල­ගේ­වත්ත ප්‍රදේ­ශයේ පදිං­චි­යට පැමිණ ඇති බව  අනා­ව­ර­ණය වී තිබේ. ඊට පෙර ඔහු පදිං­චිව සිට ඇත්තේ ඇරැ­ව්ව­ලය. මෙම නිවස ඔහු ගොඩ­නඟා ඇත්තේ රුපි­යල් ලක්ෂ පහ මාර­කට ඉඩ­මක් මිල දී ගෙන බවත් එහි බිරිය හා දරුවා පදිං­චිව සිටින බවත් පොලි­සිය කියයි.

මෙම පුද්ග­ලයා මීගොඩ වසන්ත නමැති ජාවා­ර­ම්කරු දැන හඳු­නා­ගෙන ඇත්තේ මැග­සින් බන්ධ­නා­ගා­රයේ දී බවත් ඇප මත නිද­හස් වූ පසු මීගොඩ වස­න්තගේ උප­දෙස් මත ඔහු සිය නිවස මත්කුඩු ගබඩා කරන ස්ථාන­යක් බවට පත්ක­ර­ගෙන මත්කුඩු බෙදා හැරීම සිදු­කර ඇති බවත් අනා­ව­ර­ණය වී තිබේ.

වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහා­රක බළ­කායේ අධ්‍යක්ෂ සම­න්ති­ලක වැලි­විට මහ­තාගේ නියෝග පරිදි ස්ථානා­ධි­පති,  ප්‍රධාන පොලිස් පරී­ක්ෂක ඉන්දික වීර­සිංහ මහ­තාගේ  මෙහෙ­ය­වී­මෙන් ප්‍රධාන පොලිස් පරී­ක්ෂක මහේන්ද්‍ර, උප පොලිස් පරී­ක්ෂ­ක­ව­රුන් වන සඳ­රු­වන්,  ජය­වීර,  පොලිස් සැර­ය­න්ව­රුන් වන 428 ජය­ලාල්,  51068 පුෂ්ප­කු­මාර,  පොලිස් කොස්තා­ප­ල්ව­රුන් වන 77090 බාල­සු­රිය,  82353 අධි­කාරි,  87119 අමිල,  39850 අශාන්, 91287 සංජිව,  92896 අකිල,  94009 සියන්ත,  104327 දිල්ශාන්,  කාන්තා පොලිස් කොස්තා­ප­ල්ව­රි­යන් වන . 12617 ශාලිකා,  13022 මෙලනි,  13103 සමිතා,  පොලිස් කොස්තා­පල් රිය­දු­රන් වන . 80831 උදේශ්,  89631 අබේ­රත්න,  105529 සිල්වා,  105536 මල්ල­ව­ආ­රච්චි යන යන නිල­ධා­රීන් කණ්ඩා­යම විසින් වැට­ලීම සිදු­කර තිබුණි.

ගයාන් කුමාර වීර­සිංහ, මීගොඩ- බී.කත්‍රි­ආ­රච්චි, හල්තොට - විනීතා මානෙල්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT