සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් එක්ව අද (19) සිදු කිරීමට නියමිතව තිබූ වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටවූ බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු චානක ධර්මවික්‍රම මහතා පැවැසීය. සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා ලිඛිතව සිදු කළ ඉල්ලීමකට අනුව මෙම වැඩ වර්ජනය ක්‍රියාවට නැංවීම සතියකින් කල් දැමූ බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.
සෞඛ්‍ය වෘත්තීය සමිතීන් 72ක ඉල්ලීම ඉටු කිරීම සඳහා සෞඛ්‍ය ඇමැතිවරයා සහ ලේකම්වරයා විසින් මුදල් අමාත්‍යාංශයට යොමු කළ වාර්තාවට අනුමැතිය ලබා ගැනීම වෙනුවෙන් මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡාවක් සූදානම් කරමින් සිටින බවත් එම සාකච්ඡාව සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපය තුළ දී දැනුම් දෙන බවට සෞඛ්‍ය ලේකම්වරයා පැවසූ බවත් ඒ මහතා පැවසුවේය. වැඩ වර්ජනය සිදු කිරීමෙන් රෝගීන්ට වන අපහසුතාව සලකා බලා වෘත්තීය සමිති මෙම වැඩ වර්ජනය තාවකාලිකව නතර කළ බව ද හෙතෙම පැවැසීය.