Sunday, May 19, 2024
Home » අන්නාසිගල රක්ෂිතයේ ලක්ෂ 60ක් වටිනා ගංජා වගාවක් ගිනි තබා විනාශ කර සැකකරුවෙක් පොලිස් දැලේ

අන්නාසිගල රක්ෂිතයේ ලක්ෂ 60ක් වටිනා ගංජා වගාවක් ගිනි තබා විනාශ කර සැකකරුවෙක් පොලිස් දැලේ

by sachintha
March 27, 2024 1:00 am 0 comment

කොස්ලන්ද අන්නාසිගල රක්ෂිතයේ කෙසෙල් වගා කරන මුවාවෙන් හොර රහසේ වගා කර තිබූ ගංජා වගාවක් වටලා රුපියල් ලක්ෂ 60ක් පමණ වටිනා ගංජා පැළ 4782ක් ගිනි තබා විනාශ කර ගංජා පැළ පහක් සමඟ සැකපිට පුද්ගලයකු ඊයේ (26) අත්අඩංගුවට ගත් බව කොස්ලන්ද පොලිසිය පවසයි.

ඇඹිලිපිටිය දූලම්පිටිය දිබුල ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි පුද්ගලයකු මෙසේ අත්අඩංගුවට ගනු ලැබිණැයි පොලිසිය පවසයි. ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම පොලිස් නිලධාරින් සිදුකරන විටත් සැකකරු ගංජා වගාවට සාත්තු කරමින් සිටි බව ද පොලිසිය පැවසීය.

ගංජා වගාවේ ගංජා පැළ අඩි 5ක් පමණ උසට වැවී තිබිණැයි පොලිසිය පවසයි.

සොරණාතොට සමූහ – සී.ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT