Tuesday, May 14, 2024
Home » ලෝක නාට්‍යය දිනය නිමිත්තෙන් වීදි නාට්‍යය ගී දැක්මක් කොළොන්නාවේදි

ලෝක නාට්‍යය දිනය නිමිත්තෙන් වීදි නාට්‍යය ගී දැක්මක් කොළොන්නාවේදි

by sachintha
March 27, 2024 1:55 am 0 comment

ලෝක නාට්‍යය දිනය නිමිතිකොටගෙන කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංස්කෘතික බලමණ්ඩලයේ මෙහෙයවීමෙන් වීදි නාට්‍යය ගී දැක්මක් අද (27) කොළොන්නාව කොට්ඨාසයේ ස්ථාන දෙකකදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

මෙම ගී සැඳෑව කොළොන්නාව මංසන්ධියේදී අද සවස 5ට පැවැත්වෙන අතර රාත්‍රී 7ට අංගොඩ පරණ පොලිස් ස්ථානය පැවති භූමියේදී පැවැත්වෙනු ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් ප්‍රියනාත් පෙරේරා මහතා,

මෙම වීදි ගී ප්‍රසංගයේදී ගීත 11ක් පමණ ඉදිරිපත් කෙරෙනවා. අප කලාකරුවන් හා සංගීත ශිල්පීන් විසින් අර්ථවත් පද රචනා සහ මියුරු සංගීතයෙන් යුත් වේදිකා නාට්‍යය නූර්ති ගී කිහිපයක් ඉදිරිපත් කෙරෙනවා. අද පරම්පරාවේ දරුවන් බොහෝ දෙනෙකු මෙම ගීත අසා නැති වෙන්න පුළුවන්. අපේ අරමුණ දරුවන්ට මෙම ගීත අහන්න සලස්වලා අපෙන් ඈත් වෙලා යන හරවත් නිර්මාණයන් පිළිබඳ ඔවුනට ඒ පිළිබඳ අවබෝධයක් ලබා දීමයි.

මුල්ලේරියාව – සිරිසේන ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT