Monday, May 20, 2024
Home » කිලෝ මීටර් 10ක් දුර හඹා ගොස් දැව ජාවාරමුන් අල්ලයි

කිලෝ මීටර් 10ක් දුර හඹා ගොස් දැව ජාවාරමුන් අල්ලයි

by sachintha
March 28, 2024 1:00 am 0 comment

 

නීති විරෝධී ලෙස බලපත් නොමැතිව දැව තොගයක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් තිදෙනකු පුත්තලම කල්අඩිය බෝධිරාජපුර ප්‍රදේශයේදී විශේෂ කාර්ය බළකා හා වනජීවී නිලධාරීන්ගේ අණ නොතකා පලා යමින් සිටියදී අත්අඩංගුවට ගත් බව කරුවලගස්වැව වනජීවී අඩවි කාර්යාලය කියයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම කල්අඩිය හා මහකුඹුක්කඩවල දංගහවල ප්‍රදේශවල පදිංචිකරුවන් බව කියයි. සැකකරුවන් සමඟ අත්අඩංගුවට ගැනුණ තේක්ක දැව තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ තුනකට අධික බව කියයි.

වනජීවී හා පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් මෙහෙයුමක් සඳහා ගමන් කරමින් සිටියදී බලපත්‍ර නොමැතිව දැව තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ මෙම ලොරි රථයට නවතන ලෙසට කළ අණ කිරීම නොතකා ධාවනය කරමින් පැවැති බවත් පසුව කිලෝ මිටර් 10 දුරක් ලුහු බැඳ ගොස් සැකකරුවන් හා දැව සහිත ලොරි රථය අත්අඩංගුවට ගත් බව වනජීවී නිලධාරීන් පවසයි.

සැකකරුවන්ගෙන් පසුව කළ ප්‍රශ්න කිරීම්වලින් එම දැව රැගෙන ආ බව කියන කිවුල ප්‍රදේශය පරීක්ෂා කිරීමේදී එහි තිබී දැඩි ආරක්ෂිත දඹ හා බලපත්‍ර නොමැති බුරුත, තේක්ක ඇතුළු දැව තොගයක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබිණි. මෙම ස්ථානයේ සිටි එක් සැකකරුවකු සමඟ අත්අඩංගුවට ගැනුණ සැකකරුවන් සිව් දෙනා වනජීවී බැඳුම්කරයක් මත ඇප ලබා දී ඉදිරි දිනකදී පුත්තලම අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කර තිබිණි.

වැටලීම සඳහා කරුවලගස්වැව වනජීවී නිලධාරීන් සමඟ පුත්තලම පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් එක්ව තිබිණි.

පුත්තලම අතිරේක හිරාන් ප්‍රියංකර ජයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT