Home » රාජකීය විද්‍යාලයීය ලියෝ වෙතින් තවත් ප්‍රජා සත්කාරයක්

රාජකීය විද්‍යාලයීය ලියෝ වෙතින් තවත් ප්‍රජා සත්කාරයක්

by sachintha
March 28, 2024 1:00 am 0 comment

කොළඹ රාජකීය විද්‍යාලයීය ලියෝ විසින් සංවිධානය කරනු ලැබූ විද්‍යාලයේ අනධ්‍යන කාර්ය මණ්ඩලය සඳහා වියළි අහාර ද්‍රව්‍ය සහ උපකාර අවශ්‍ය සිසුන් වෙත පාසල් උපකරණ බෙදා දීම රාජකීය විද්‍යාලයීය ප්‍රධාන ශලාවේදී පසුගියදා පැවැත්විණි.

මෙහිදී ප්‍රධාන අරාධිතයා ලෙස සහභාගි වූ ජාත්‍යන්තර ලියෝ සමාජ උපදේශක ලසන්ත ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ පාසල් දරුවන් තරුණ වයසේදීම මෙවන් සමාජ සත්කාර සදහා යොමු වීම ඉතා වටිනා සහ ආදර්ශවත් ක්‍රියාවක් බවයි. මෙමඟින් දරුවන්ගේ සිතුම් පැතුම් සමාජයේ යහපත් ක්‍රියා සදහා යොමු වන බවත්, පොතපතේ දැනුමට අමතරව සමාජ පරිශ්‍රයෙන් ලබන ප්‍රායෝගික අත්දැකීම් සහ සිතිවිලි යහපත් සමාජ හිතකාමි නායකත්ව ගුණාංගවලින් පිරිපුන් දරුවකු බිහි කිරීමට උපකාරි වන බවත්ය.

තමා පාසල් සිසුවකුව සිටියදී රාජකීය විද්‍යාලයීය සහෝදර සිසුන්ගේ සහයෝගයෙන් සහ ජනතා සහභාගිත්වයෙන් නිවාස 78කින් යුත් ‘රජ සිසු ගම’ ආදර්ශ ගම්මානය බිහි කිරීමෙන් ලද අත්දැකීම්ද තම ජීවිතය හැඩගස්වා ගැනීමට උපකාරි වූ බවද ලසන්ත ගුණවර්ධන මහතා කීය.

මේ අවස්ථාවට කොළඹ රාජකීයෙ විද්‍යාලයයේ නියෝජ්‍ය විදුහල්පති ක්‍රිෂාන්ත සිල්වා මහතා සහ යූත් විෂන් 2048 සම්බන්ධිකාරක ඩැන් පොද්දිවෙල, රාජකීය විද්‍යාලයීය ලියෝ සමාජ උපදේශක සහකාර විදුහල්පති රිහාස් අලූහ මහතා ඇතුළු අචාර්ය මණ්ඩලයේ මහත්ම මහත්මීහු සහ සිසු දරුවෝ රැසක් සහභාගි වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT