Thursday, May 9, 2024
Home » වැසි නෑ; මාවුස්සාකැලේ කාසල්රි ජල මට්ටම පහළට

වැසි නෑ; මාවුස්සාකැලේ කාසල්රි ජල මට්ටම පහළට

by sachintha
March 28, 2024 1:00 am 0 comment

ප්‍රමාණවත් වැසි නොලැබීම නිසා මාවුස්සාකැලේ, කාසල්රී ජලාශවල ජල මට්ටම තවදුරටත් සීඝ්‍රයෙන් පහත බසිමින් පවතී.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ප්‍රමාණවත් වැසි නොලැබීම හේතුවෙන් ජාතික ජලවිදුලිබල පද්ධතියට අයත් මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශවල ජල මට්ටම සීඝ්‍රයෙන් පහත බසිමින් පවති.

ඊයේ (27) පෙ.ව. 06.00 වන විට මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමේ සිට පිළිවෙළින් අඩි 31 ක් හා අඩි 26 ක් වශයෙන් පහත බැස ඇති බව එම ජලාශ භාර ඉංජිනේරුවෝ පැවසූහ.

ජාතික ජලවිදුලිබල පද්ධතියට අයත්, ලක්ෂපාන ජලවිදුලිබලාගාර සංකීර්ණය යටතේ ඇති ලක්ෂපාන, නව ලක්ෂපාන, කැනියොන්, පොල්පිටිය, විමලසුරේන්ද්‍ර හා බ්‍රෝඩ්ලණ්ඩ් යන විදුලිබලාගාර 06 සඳහා විදුලිය උත්පාදනයට ප්‍රධාන වශයෙන් ජලය සැපයෙන්නේ මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශ දෙකෙනි. මාවුස්සාකැලේ ජලාශයට යටව තිබූ පැරණි මස්කෙළිය නඟරයේ ශ්‍රී කදිරේෂන් හින්දු කෝවිලේ හා ගල් පාලමේ නටඹුන් මේ වන විට යළි දිස්වන අයුරු හා කාසල්රී ජලාශයේ ජල මට්ටම පහත බැස ඇති අයුරු ඡායාරූපවලින් දැක්වේ.

මස්කෙළිය සමූහ ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT