Saturday, April 27, 2024
Home » කසුන් රාජිත ගෙදර එයි

කසුන් රාජිත ගෙදර එයි

by sachintha
March 28, 2024 1:00 am 0 comment

බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක කසුන් රාජිතට අහිමි වෙයි.

පිට කොන්ද ආශ්‍රිතව ඇතිවූ ආබාධයක් හේතුවෙන් කසුන් සංචිතයෙන් ඉවත්ව ඇති අතර, ඒ වෙනුවට අසිත ප්‍රනාන්දු ශ්‍රී ලංකා සංචිතයට කැඳවා තිබේ.

දෙරට අතර සිලහෙට් නුවරදී පැවති පළමු තරගයේ පළමු ඉනිමේදී කඩුලු 3ක් දවාගත් රාජිත දෙවැනි ඉනිමේදී කඩුලු 5ක් බිඳ දැමීමට සමත් විය.

මේ ආබාධය හේතුවෙන් අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ගැනීමටත්, ඊට අදාළ අභ්‍යාස කිරීම සඳහාත් ඔහු යළි ඉක්මනින්ම ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

කසුන් වෙනුවට එක් වූ අසිත ප්‍රනාන්දු ආබාධයට ලක්ව තිබීම හේතුවෙන් මින් පෙර ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට එක් කර නොතිබිණි.

නිරෝෂාන් ප්‍රියංකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT