Home » ක්‍රිකට් ඔට්ටු ඇල්ලීමේ සිද්ධි­යට ඉන්දීය නිළි­යක් පොලි­සි­යට

ක්‍රිකට් ඔට්ටු ඇල්ලීමේ සිද්ධි­යට ඉන්දීය නිළි­යක් පොලි­සි­යට

by damith
April 27, 2024 1:10 am 0 comment

ඉන්දීය ප්‍රිමි­යර් ලීග් ක්‍රිකට් තර­ගා­ව­ලියේ විකා­ශන සමා­ගමේ අනු­මැ­ති­ය­කින් තොරව නීති විරෝධී ලෙස තරග විකා­ශ­නය කිරී­මෙන් හා ඔට්ටු ඇල්ලීමේ යෙදු­මක් ප්‍රව­ර්ධ­නය කිරී­මෙන් ඉන්දීය රුපි­යල් කෝටි 100ක (ශ්‍රී ලංකා රුපි­යල් කෝටි 3.5ක) පමණ පාඩු­වක් සිදුව ඇතැයි කියන පැමි­ණි­ල්ලට අදා­ලව සුපිරි නිළි තමානා භාටි­යාට එරෙ­හිව පොලිස් විම­ර්ශන ආරම්භ වෙයි.

මහා­රාෂ්ට්‍ර සයි­බර් පොලිස් විම­ර්ශන අංශය විසින් නිළි තමානා භාටි­යාට සිතා­සි­යක් යවා ඇති අතර, මේ 29 වැනිදා ප්‍රශ්න කිරීම සඳහා පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.

මෙම නඩු­වට අදා­ළව බොලි­වුඩ් නළු සංජේ දත්ට පසු­ගිය 23 වැනිදා පෙනී සිටින ලෙස ඉල්ලා සිටි­යද ඔහු නොපැ­මිණ ඒ වෙනු­වට, තම ප්‍රකා­ශය සට­හන් කර ගැනීම සඳහා වෙනත් වේලා­වක් නියම කරන ලෙස ඉල්ලා සිටි­යේය.

ඉන්දීය ප්‍රිමි­යර් ලීග් ක්‍රිකට් තර­ගා­ව­ලියේ ඔට්ටු ඇල්ලීමේ යෙදු­මක් ප්‍රව­ර්ධ­නය කිරී­මට සහ ක්‍රිකට් තරග නැර­ඹී­මට යෙදුම සුසර කරන ලෙස ඉල්ලා සිටින බවට චෝදනා ලැබ සිටින නළු නිළි­යන් වන සංජේ දත්, ජැක­ලින් ෆර්නැ­න්ඩස් සහ රැප් ගායක බාද්ෂා සමඟ සම්බන්ධ පුද්ග­ල­යින්ගේ ප්‍රකාශ ද පොලි­සිය විසින් සට­හන් කර ගෙන ඇත. එම ඔට්ටු ඇල්ලීමේ යෙදුම ප්‍රව­ර්ධ­නය කිරීම සඳහා අනු­බල දුන් ප්‍රසිද්ධ පුද්ග­ල­යින් 40කට වැඩි පිරි­සක් විම­ර්ශ­න­යට ලක්ව ඇති බව පොලි­සිය ප්‍රකාශ කර ඇත.

ප්‍රින්ස් ගුණ­සේ­කර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT