Wednesday, May 8, 2024
Home » සා/පෙළ නැවත සමී­ක්ෂණ ප්‍රති­ඵල මෙවර සා/පෙළ ඇර­ඹු­මට පෙරා­තුව

සා/පෙළ නැවත සමී­ක්ෂණ ප්‍රති­ඵල මෙවර සා/පෙළ ඇර­ඹු­මට පෙරා­තුව

by damith
April 27, 2024 1:09 am 0 comment

අ.පො.ස. සාමාන්‍ය පෙළ නැවත සමී­ක්ෂණ ප්‍රති­ඵල මෙවර සාමාන්‍ය පෙළ විභා­ගය ආරම්භ වීමට පෙර නිකුත් කරන බව අධ්‍යා­පන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම­ජ­යන්ත මහතා ඊයේ (26) පාර්ලි­මේ­න්තු­වේදී පැව­සීය.

වෙනත් වස­ර­ව­ලට වඩා මේ වසරේ සාමාන්‍ය පෙළ නැවත සමී­ක්ෂණ අය­දු­ම්පත් දෙගු­ණ­ය­කින් ඉහළ ගොස් ඇති බව විභාග කොම­සා­රි­ස්ව­ර­යා­ගෙන් කළ විම­සී­ම­කදී දැන­ග­න්නට ලැබුණු බවද, කෙසේ වුවද මැයි මාසයේ දෙවැනි සතියේ මෙවර සාමාන්‍ය පෙළ විභා­ගය ආරම්භ වීමට පෙර එම නැවත සමී­ක්ෂණ ප්‍රති­ඵල නිකුත් කරන බව විභාග කොම­සා­රි­ස්ව­රයා දැනු­ම්දුන් බවද ඇමැ­ති­ව­රයා කීය. රත්න­පුර දිස්ත්‍රික් පාර්ලි­මේන්තු මන්ත්‍රී ගාමිණී වලේ­බොඩ මහතා මතු කළ ප්‍රශ්න­ය­කට පිළි­තුරු දෙමින් ඇමැ­ති­ව­රයා මේ කරුණු අනා­ව­ර­ණය කළේය. උසස් පෙළ දරු­වන් බඳ­වා­ගැ­නීම ආරම්භ කර ඇති හෙයින් නැවත සමී­ක්ෂණ ගැට­ලුව නිරා­ක­ර­ණය කර­ගැ­නී­මට මැදි­හත් වන්නැයි වලේ­බොඩ මන්ත්‍රී­ව­රයා මෙහිදී ඉල්ලී­මක් කළේය. අපොස සාමාන්‍ය පෙළ නැවත සමී­ක්ෂණ අය­දු­ම්පත් 184,000ක් පමණ ඉදි­රි­පත් වී ඇති බවද වලේ­බොඩ මන්ත්‍රී­ව­රයා මෙහිදී ප්‍රකාශ කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT