Home » ගාල්ල අප­රා­ජි­තව අව­සන් තර­ග­යට
එන්එ­ස්එල් සිව්දින ක්‍රිකට්

ගාල්ල අප­රා­ජි­තව අව­සන් තර­ග­යට

යාප­නය දඹුලු බලා­පො­රොත්තු බිඳදමයි

by damith
April 27, 2024 1:08 am 0 comment

ශ්‍රී ලංකා ක්‍රිකට් ආය­ත­නය සංවි­ධාන කරන නැෂ­නල් සුපර් ලීග් (එන්එ­ස්එල්) සිව්දින ක්‍රිකට් තර­ගා­ව­ලියේ අප­රා­ජි­ත­යන් ලෙස අව­සන් තර­ගයේ ස්ථාන­යක් වෙන් කර ගැනී­මට ගාල්ල කණ්ඩා­යම සමත් විය.

ඊයේ කොළඹ කණ්ඩා­ය­මට එරෙ­හිව දඹුල්ලේ පැවති මූලික වටයේ අව­සන් තර­ගය ගාලු ක්‍රීඩ­කයෝ ඊයේ නිමා කළේ කඩුලු 10ක ජයක් සම­ඟිනි. මේ තර­ගය ජය ගැනීම සඳහා ගාල්ලට ලකුණු 154ක ඉල­ක්කය හිමිව තිබිණි.

පළමු ඉනි­මේදී ද්විත්ව ශත­ක­යක් (202) වාර්තා කළ ඕෂද ප්‍රනාන්දු නොදැවී ලකුණු 89ක් සහ සංගීත් කුරේ නොදැවී ලකුණු 57ක් රැස් කර­මින් ගාලු ජය තහ­වුරු කළහ.

මේ තර­ගයේ පළ­මුව පන්දු­වට පහ­ර­දුන් දඹුලු පිල ලකුණු 296කට සීමා කළ ගාලු කණ්ඩා­යම පළමු ඉනිම වෙනු­වෙන් ලකුණු 394ක් රැස් කළ අතර, ලකුණු 98ක් පසු­ප­සින් දෙවැනි ඉනිම ඇරඹූ කොළඹ පිල ලකුණු 251කට දැවී ගියේ ගාල්ලට ලකුණු 154ක ඉල­ක්කය දෙමිනි.

තරග 8ක් ක්‍රීඩා කළ ගාලු කණ්ඩා­යම වාර්තා කළ සිව්වැනි ජය මෙය වන අතර, ඉතිරි තරග 4 ජය පරා­ජ­යෙන් තොරව නිමා කර තිබිණි.

කොළඹ පළමු ඉනිම – 296 (ඕවර 78.3) දිමුත් කරු­ණා­රත්න 89 (අසංක මනෝජ් 70/3, ධනං­ජය ලක්ෂාන් 41/2, රමේෂ් මෙන්ඩිස් 73/2) සහ දෙවැනි ඉනිම – 251 (ඕවර 62.4) අශේන් බණ්ඩාර 86, ක්‍රිෂාන් සංජුල 71 (නිෂාන් පීරිස් 77/5)

ගාලු පළමු ඉනිම – 394 (ඕවර 0) ඕෂද ප්‍රනාන්දු 202 (ඉසිත ජය­සු­න්දර 45/6) සහ දෙවැනි ඉනිම – කිසි­වකු නොදැවී 156 (ඕවර 40.5) ඕෂද ප්‍රනාන්දු නොදැවී 89, සංගීත් කුරේ නොදැවී 57

දඹුල්ල-යාප­නය

මේ අතර මූලික වටයේ අව­සන් තර­ගය ජය ගනි­මින් අව­සන් තර­ග­යට එක්වීමේ බලා­පො­රො­ත්තු­වෙන් පිටි­යට පිවිසි දඹුලු කණ්ඩා­යමේ එම බලා­පො­රොත්තු බිඳ දැමී­මට යාප­නය කණ්ඩා­යම ඊයේ සමත් වූයේ පල්ලෙ­කැලේ පැවති තරග ජය පරා­ජ­යෙන් තොරව නිමා කර­මිනි. මේ හේතු­වෙන් පසු­ගිය වසරේ ශූර­යන් වූ දඹු­ල්ලට තෙවැනි ස්ථාන­යෙන් මෙවර තර­ගා­ව­ලිය නිමා කිරී­මට සිදු විය.

මේ තර­ගයේ ජය­ග්‍ර­හ­ණය සඳහා ලකුණු 481ක දැවැන්ත ඉල­ක්ක­යක් දෙමින් දඹුලු පිල සිය දෙවැනි ඉනිම ලකුණු 257කට අත්හි­ටුවූ අතර, තර­ගය නිමා වන විට පිළි­තුරු ඉනිම ක්‍රීඩා කරන යාප­නය ක්‍රීඩ­කයෝ කඩුලු 7ක් දැවී ලකුණු 368ක් රැස් කර තිබිණි.

දඹුල්ල පළමු ඉනිම – 392 (ඕවර 122.3) සොනාල් දිනූෂ 112, රනේෂ් සිල්වා 100, සනෝජ් දර්ශික 69 (දිලුම් සුධීර 130/5, කල්හාර සේනා­රත්න 49/2) සහ දෙවැනි ඉනිම – 257/9 (ඕවර 69) චමිඳු විජේ­සිංහ නොදැවී 66 (ජනිත් ලිය­නගේ 27/3, කල්හාර සේනා­රත්න 54/2, දිලුම් සුධීර 69/2)

යාප­නය පළමු ඉනිම – 169 (ඕවර 51) ජනිත් ලිය­නගේ 51 (දුවිඳු තිල­ක­රත්න 1/3, නවීන් ප්‍රනාන්දු 34/2, ලක්ෂාන් සඳ­කැන් 42/2, විශ්ව ප්‍රනාන්දු 51/2) සහ දෙවැනි ඉනිම – 368/7 (ඕවර 67) නිපුන් කරු­ණා­නා­යක 87, රොන් චන්ද්‍ර­ගුප්ත 52, සඳුන් වීර­ක්කොඩි 49 (දුවිඳු තිල­ක­රත්න 53/3, මුර්වින් අබි­නාෂ් 81/2)

නිරෝ­ෂාන් ප්‍රියං­කර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT