Thursday, May 9, 2024
Home » වාහන පරීක්ෂාවට ගිය පොලිසියේ දෙදෙනකුට පහරදී නිල ඇඳුම් ඉරා දමලා

වාහන පරීක්ෂාවට ගිය පොලිසියේ දෙදෙනකුට පහරදී නිල ඇඳුම් ඉරා දමලා

by sachintha
March 28, 2024 1:00 am 0 comment

ප්‍ර ෙද්ශවාසීහු සැකකරුවන් 4ක් අල්ලා දෙති

‍2ක් පලා ගිහින් ; නිලධාරියෙක් රෝහලේ

පොලිස් නිලධාරීන් දෙදෙනකුට පහරදී නිල ඇඳුම් ඉරා දමා පලායාමට සූදානම් වූ පුද්ගලයන් සිව් දෙනකු කඩු පොලු සමඟ අත්අඩංගුවට ගත්බව අලුත්ගම පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉඳුරුව ප්‍රදේශයේ පදිංචි19, 27, 28 සහ 29 හැවිරිදි පුද්ගලයන් බව පොලිසිය කීය. මින් දෙදෙනකු පසුව පොලිස් අත්අඩංගුවෙන් මිදී පලාගොස් තිබේ.

පොලිස් නිලධාරීන් දෙදෙනෙකු පෙරේදා (26) රාත්‍රී අලුත්ගම දර්ගා නගරය ප්‍රදේශයේ දී සැකකරුවන් හය දෙනෙකු පැමිණි ත්‍රී රෝද රථ දෙකක් නවතා පරීක්ෂා කිරීමට සූදානම් වීමේදී ඇති වූ බහින් බස්වීමකින් පසු පහරදීම සිදුව ඇති බව පොලිසිය සඳහන් කරයි. පොලිස් නිලධාරීන්ට පහරදෙන අවස්ථාවේ අවට සිටි පිරිස් සැකකරුවන් සිව් දෙනෙකු අල්ලා පොලිසියට භාරදී ඇති බවත්, තවත් දෙදෙනෙකු පලා ගොස් ඇති බවත් සඳහන් වේ.

සැකකරුවන් සන්තකයේ හෙරොයින් මත්කුඩු ග්‍රෑම් පහ බැගින් තිබී ඇති බවත් පැමිණි තීරෝද රථ දෙක පරීක්ෂා කිරීමේ දී කඩු දෙකක් සහ සුදු යකඩ පොල්ලක් තිබී හමුවී ඇති බවත් පොලිසිය පවසයි.

අත්අඩංගුවට පත් එක් සැකකරුවෙක් කොස්ගොඩ ප්‍රෙද්ශයේ මත්කුඩු ජාවාරම්කරුවකු බවත්, තවත් දෙදෙනෙකුට නඩු කිහිපයක් පවතින බවත් පොලිසිය විසින් අනාවරණය කරගෙන තිබේ. පහර කෑමට ලක් වූ එක් පොලිස් නිලධාරියෙක් මුහුණට සහ නාසයට සිදුවූ තුවාල සහිතව සීනවත්ත ප්‍රාදේශීය රෝහලේ ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. සැකකරුවන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාවින්ද පියසේකර, සහකාර පොලිස් අධිකාරී වරුන්වන දුමින්ද රාජපක්ෂ සහ සුනෙත් ශාන්ත යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්. රත්නසිංහම් මහතාගේ ප්‍රධානත්වයෙන් දූෂණ මර්දන අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා, අපරාධ අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අමිල ජයසේකර, රථ වාහන අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ජයන්ත ගුණවර්ධන,සැරයන් 51907 අනුප්‍රිය, කොස්තාපල්වරුන් වන 101363 ප්‍රසාද්, 10243 දිසානායක, 102952 කරුණාරත්න, 101362 අකිල නිලධාරීහු පරීක්ෂණ පවත්වති.

 

පොතුපිටිය සුමිත් ප්‍රේමතිලක, බිමල් ජයසිංහ, කළුතර – සුනිල් ස්ටැන්ලි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT