Thursday, May 9, 2024
Home » ඩී.එස්.ගේ දැක්ම වුණේ අප රට ගොවිතැනින් දියුණු රටක් කිරීමයි – හිටපු කථානායක කරු ජයසූරිය

ඩී.එස්.ගේ දැක්ම වුණේ අප රට ගොවිතැනින් දියුණු රටක් කිරීමයි – හිටපු කථානායක කරු ජයසූරිය

by sachintha
March 28, 2024 1:00 am 0 comment

ප්‍රථම අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායක මහතාගේ දැක්ම වූයේ මෙරට කෘෂි කර්මාන්තයෙන් දියුණු රටක් බවට පත් කිරීම බවත්, සියලු ජාතීන් සමඟ එක්ව රටේ කෘෂිකර්මාන්තය දියුණු කිරීමට ඔහුට හැකි වූ බවත් හිටපු කථානායක කරු ජයසූරිය මහතා පැවසීය. ඒ මහතා මේ බව සඳහන් කළේ ඩී.එස්. සේනානායක මහතාගේ 72 වැනි ගුණ සමරුව නිමිත්තෙන් කොළඹ නිදහස් මන්දිරය ඉදිරිපිට පිහිටි ඩී.එස්. සේනානායක පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව පැවති උත්සව සභාව අමතමිනි.

කරු ජයසූරිය මහතා එහිදී මෙසේද ප්‍රකාශ කළේය: “කිසිවකුගේ ලේ බිඳක්වත් නොසෙල්වා අප රටට නිදහස දිනා ගැනීමට මූලික වූ ඩී.එස්. සේනානායක මහතා පසුව අග්‍රාමාත්‍ය ධුරයට පත් වී සියලු ජාතීන්ට එක් පවුලක් ලෙස ජීවත් විමට හැකි සුදුසු පරිසරයක් ඇති කළා. මේ වන විට දේශපාලන බලය ලබාගැනීමට සමහර දේශපාලනඥයන් ජාතිවාදි ප්‍රශ්න ඇති කිරීමට උත්සාහ ගනිමින් සිටිනවා. නැවතත් ජාතිවාදි ගැටුම් ඇති වුණොත් රට විනාශ මුඛයට යනවා.”

පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, හිටපු ඇමැති වසන්ත සේනානායක, එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක හිටපු නියෝජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන, හිටපු ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුක්මන් සේනානායක මහත්වරුන්ද පුෂ්පෝපහාර දැක්වීමට එක් වූ අතර, හිටපු ඇමැති ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු මහතාද මේ අවස්ථාවට එක්ව සිටියේය.

 

මැද කොළඹ සමූහ ආරියරත්න ගනේගොඩ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT