Home » උසේන් බෝල්ට් විස්සයි20 ලෝක කුස­ලා­න­යට

උසේන් බෝල්ට් විස්සයි20 ලෝක කුස­ලා­න­යට

by damith
April 27, 2024 1:17 am 0 comment

ලොව වේග­වත්ම මිනිසා ලෙස තව­මත් ආධි­පත්‍ය දරා සිටින කෙටි දුර ධාවන ශූර ජැමෙ­යි­කාවේ උසේන් බෝල්ට් ලබන මස පැවැ­ත්වෙන විස්සයි20 ලෝක කුස­ලාන ක්‍රිකට් තර­ගා­ව­ලි­යට එක් වෙයි.

මීටර් 100 හා 200 ලෝක වාර්තා­ව­ලට හිමි­කම් කියන බෝල්ට් පිට පිට ඔලි­ම්පික් උලෙළ 3ක් (2008, 2012, 2016) නියෝ­ජ­නය කර­මින් රන් පද­ක්කම් 8ක් දිනා ගැනී­මට සමත් වූ අතර, මලල ක්‍රීඩා­වට අම­ත­රව ක්‍රිකට් ක්‍රීඩා­වට ඇලුම් කරන ඔහු මෙවර තර­ගා­ව­ලියේ තානා­ප­ති­ව­ර­යකු ලෙස පත් කර ඇත.

ලෝක කුස­ලාන තර­ගා­ව­ලියේ තානා­ප­ති­ව­ර­යකු වීමට ලැබීමේ සතු­ටට කරු­ණක් බව පව­සන බෝල්ට් ලබන සතියේ නිකුත් වීමට නිය­මිත ලෝක කුස­ලාන නිල තේමා ගීත­යට ආරා­ධිත රංග­න­ය­කින් දාය­ක­වී­මට සූදා­න­මින් සිටී.

කොදෙව් සහ අමෙ­රි­කාවේ පැවැ­ත්වෙන ලෝක කුස­ලාන තරග නැර­ඹී­මට එක් වන බවත්, ක්‍රිකට් ගෝලීය වශ­යෙන් වර්ධ­නය කිරී­මට දායක වීම­ටත් බලා­පො­රොත්තු වන බවත් ඔහු පව­සයි.

ක්‍රිකට් ක්‍රීඩාව 2028 ඔලි­ම්පික් ක්‍රීඩා උලෙ­ළට ද ඇතු­ළත් කර ඇති අතර, බෝල්ට් පව­සන්නේ මෙවර තර­ගා­ව­ලියේ සම සත්කා­ර­ක­ය­කු­වී­මත්, ලොස් ඇන්ජ­ලීස් ඔලි­ම්පික් උලෙ­ළට ක්‍රිකට් ඇතු­ළත් වීමත් හේතු­වෙන් අමෙ­රි­කාවේ ක්‍රිකට් සමෘ­ද්ධි­මත් වනු ඇති බවයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT