Home » දලෙ­යි­ලා­මාගේ දේශන ශ්‍රව­ණය කිරී­මට රට­වල් 72කින් ධර­ම්සා­ලා­වට පැමි­ණෙයි

දලෙ­යි­ලා­මාගේ දේශන ශ්‍රව­ණය කිරී­මට රට­වල් 72කින් ධර­ම්සා­ලා­වට පැමි­ණෙයි

by damith
April 27, 2024 1:17 am 0 comment

ඉන්දි­යාවේ පදිං­චිව වී සිටින ටිබෙට් අධ්‍යා­ත්මික නායක දලෙ­යි­ලා­මාගේ දේශන ශ්‍රව­ණය කිරීම සඳහා පසු­ගි­යදා රට­වල් 72කින් බැති­ම­තුන් 6100ක් හිම­චාල් ප්‍රදේශ් ප්‍රාන්තයේ පිහිටි ධර­ම්සාලා නුවර එතු­මාගේ ආශ්‍ර­ම­යට පැමිණි බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. ඒ අතර මොංගෝ­ලි­යානු බැති­ම­තුන් සිය ගණ­නක් සිටි බව ද එරට මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

මොංගෝ­ලි­යනු බැති­ම­තුන්ගේ ඉල්ලීම පරිදි දලෙ­යි­ලා­මා­තුමා විශේෂ දේශ­න­යක් පැවැත් බව ද වාර්තා වේ.

ජීවිත කාලයේ එක් අව­ස්ථා­ව­කදී පම­ණක් ලැබෙන මා හැඟි අව­ස්ථා­වක් බව සඳ­හන් කර­මින් කොල­ම්බියා රාජ්‍යයේ බැති­ම­තුන් පිරි­සක් ද එම අව­ස්ථා­වට සහ­භාගි වීම විශේෂ සිදු­වී­මක් බවට පත් වී ඇත.

ලොව පුරා බැති­ම­තුන්ට සාමයේ සහ අවි­හිං­සා­වා­දයේ දේශන සිදු කර­මින් සිටින දලෙ­යි­ලාමා තුමා චීනය විසින් ටිබෙට් දේශය ස්වයං කලා­ප­යක් ලෙස නම් කිරී­මෙන් පසු 1959 වස­රේදී සිට ඉන්දි­යාවේ පදිංචි වී සිටින අතර, නොබෙල් සාම ත්‍යාග­ලා­භි­යකු ද වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT