Sunday, May 12, 2024
Home » පොදුජන පෙරමුණේ නව ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ

පොදුජන පෙරමුණේ නව ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ

by sachintha
March 28, 2024 1:35 am 0 comment

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව ජාතික සංවිධායකවරයා වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පත්කර තිබේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවෙසේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභාව ඊයේ (27) රැස්වූ අවස්ථාවේ නාමල් රාජපක්ෂ මහතා පක්ෂයේ ජාතික සංවිධායකවරයා වශයෙන් පත්කළ බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් “දිනමිණට” පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභාව රැස්වූ අවස්ථාවේ ජාතික සංවිධායකවරයා වශයෙන් හිටපු ජාතික සංවිධායක හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාගේ නම යෝජනා කර තිබෙන නමුත් ඒ මහතා එම තනතුර ප්‍රතික්ෂේප කර තිබේ. කෙසේ වුවද අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ නම යෝජනා කර තිබෙන අතර විමල් ගීගනගේ මහතා විසින් එය ස්ථිර කර තිබේ. ඒ අනුව නාමල් රාජපක්ෂ මහතා ජාතික සංවිධායකවරයා වශයෙන් ඒකමතිකව තෝරා පත් කරගෙන ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභාව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ රැස්වූ අතර මේ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභිකයන් සියලුදෙනා එක්ව සිටියහ. රටේ වත්මන් දේශපාලන තත්ත්වය සහ පක්ෂ අභ්‍යන්තරයට අදාළ කරුණු රැසක් සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කර ඇත.

මහින්ද අලුත්ගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT