Tuesday, May 14, 2024
Home » පාකි­ස්තාන රජය විදුලි බිල ඉහළ දමයි

පාකි­ස්තාන රජය විදුලි බිල ඉහළ දමයි

by damith
March 30, 2024 1:13 am 0 comment

පාකි­ස්තා­නයේ නව රජය විදුලි බිල විශාල ලෙස වැඩි කිරී­මට සැල­සුම් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මීට මාස­ය­කට පෙර විදුලි ඒක­ක­යක මිල පාකි­ස්තාන රුපි­යල් 7.50කින් ඉහළ දැමූ රජයඉදි­රි­යේදී නැවත ඒක­ක­යක මිල රුපි­යල් 5.00කින් ඉහළ දැමී­මට යෝජනා කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය. වස­රක් ඇතු­ළත පාකි­ස්තා­නයේ විදුලි බිල දෙගු­ණ­ය­කින් වැඩි වී ඇති අතර, එය දැන­ට­මත් උද්ධ­ම­න­ය­කින් පීඩා­වට පත්ව සිටින එරට ජන­තා­වට දැරිය නොහැකි ආර්ථික දුෂ්ක­ර­තා­වක් වනු ඇතැයි වාර්තා වේ.

පාකි­ස්තාන ජාතික විදුලි බල නියා­මන අධි­කා­රිය මේ වසරේ ජන­වා­රි­යේදී විදුලි ඒක­කය රුපි­යල් 7.50කින් ඉහළ දමා ඇත්තේ ජනතා විරෝ­ධය මැද බවත්, මැති­ව­ර­ණ­යෙන් පසු නැවත වරක් රුපි­යල් 5කින් මිල ඉහළ දැමීම නිසා තව­දු­ර­ටත් ජනතා විරෝ­ධය ඉස්මතු වීමේ අව­දා­න­මක් නිර්මා­ණය වී ඇති බවත් වැඩි­දු­ර­ටත් වාර්තා වේ. විදුලි බිල ඉහළ දැමීම එරට නිවැ­සි­යන්ට පම­ණක් නොව ව්‍යාපා­රික හා කාර්මික මෙහෙ­යු­ම්ව­ලට ද දැඩි ලෙස බල­පානු ඇතැයි වාර්තා වේ. පසු­ගිය පෙබ­ර­වා­රි­යේදි පාකි­ස්තා­නයේ උද්ධ­ම­නය 32.73% කට ආසන්න වූ බවත්, නව රජය පිහි­ටු­වී­මෙන් පසු සති­ය­කට 1.35% බැගින් උද්ධ­ම­නය ඉහළ යමින් පව­තින බවත් වැඩි­දු­ර­ටත් වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT