Home » දකුණු අප්‍රි­කාවේ හිටපු ජන­පති රිය අන­තු­ර­කට

දකුණු අප්‍රි­කාවේ හිටපු ජන­පති රිය අන­තු­ර­කට

by damith
March 30, 2024 1:14 am 0 comment

දකුණු අප්‍රි­කාවේ හිටපු ජනා­ධි­පති ජේකොබ් සුමා රිය අන­තු­ර­කට ලක්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. බීමත් රියැ­දු­රකු විසින් පැදවූ මෝටර් රථ­යක් හිටපු ජනා­ධි­ප­ති­ව­ර­යාගේ අධිආර­ක්ෂිත මෝටර් රථයේ ගැටී­මෙන් එම අන­තුර සිදු වී ඇති අතර, ජේකොබ් සුමාට කිසිදු අන­තු­රක් සිදු නොවූ බව ද වාර්තා වේ. එහෙත් ඔහුගේ පක්ෂ නියෝ­ජි­ත­යන් ප්‍රකාශ කර ඇත්තේ එය සැල­සුම්සහ­ගත අන­තු­රක් බවය. රිය අන­තුර සිදු කළ මෝටර් රථයේ 51 හැවි­රිදි රියැ­දුරු අත්අ­ඩං­ගු­වට ගෙන ඇතැයි ද වාර්තා වේ. වසර 2009 සිට 2018 දක්වා ජනා­ධි­ප­ති­ ධු­රයේ සිටි­යදී දූෂණ වංචා රැසක් සිදු කළ බවට චෝදනා එල්ල වී සිටි හිටපු ජනා­ධි­ප­ති­ව­ර­යාට මේ වසරේ මැයි මාසයේ පැවැ­ත්වී­මට නිය­මිත දකුණු අප්‍රි­කාවේ මහ­මැ­ති­ව­ර­ණ­යට තරග කිරීම තහ­නම් කිරී­මට වත්මන් රජය වන අප්‍රි­කානු ජාතික කොන්ග්‍ර­සය මීට පෙර පිය­වර ගෙන තිබිණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT