Home » බ්‍රිතාන්‍ය පුර­වැ­සි­යන්ට සංචා­ර­යට අන­තු­ර­දා­යක රටක් ලෙස පාකි­ස්තා­නය නම් කරයි

බ්‍රිතාන්‍ය පුර­වැ­සි­යන්ට සංචා­ර­යට අන­තු­ර­දා­යක රටක් ලෙස පාකි­ස්තා­නය නම් කරයි

by damith
April 27, 2024 1:18 am 0 comment

බ්‍රිතා­න්‍යයේ පොදු­රාජ්‍ය මණ්ඩ­ල­යීය සහ සංව­ර්ධන කාර්යා­ලය විසින් එරට පුර­වැ­සි­යන්ට සංචා­රය කිරීම අන­තු­රු­දා­යක බවට ලැයි­ස්තු­ගත කර ඇති රට­වල් අත­රට පසු­ගි­යදා පාකි­ස්තා­නය ද ඇතු­ළත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඒ සමඟ

පාකි­ස්තා­නය ගෝලීය සංචා­ර­ක­යන්ට අන­තු­රු­දා­යක ගම­නා­න්ත­යක් බවට පත් වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය. මීට අම­ත­රව බ්‍රිතාන්‍ය පුර­වැ­සි­යන්ට සංචා­රය කිරිම අන­තු­රු­දා­යක බවට ලැයි­ස්තු­ගත කර ඇති රට­වල් සංඛ්‍යා­වට තවත් රට­වල් 8ක් ඇතු­ළත් කර ඇතැයි ද, ඒ සමඟ එසේ ලැයි­ස්තු­ගත කළ රට­වල් ප්‍රමා­ණය 24 දක්වා ඉහළ ගොස් ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳ­හන් කළේය.

එම කාර්යා­ලය සිය පුර­වැ­සි­යන්ට සංචා­රය කිරීම අන­තු­රු­දා­යක බවට රට­වල් නම් කර ඇත්තේ එම රට­වල අප­රාධ, යුද්ධය, ත්‍රස්ත­වා­දය, වසං­ගත රෝග, කාල­ගු­ණය සහ ස්වභා­වික විපත් සැල­කි­ල්ලට ගනි­මින් බව ද වාර්තා වේ. එම ලැයි­ස්තු­වට අලු­තින් එක් කළ රට­වල් අතර රුසි­යාව, යුක්රේ­නය, ඊශ්‍රා­ය­ලය, ඉරා­නය, සුඩා­නය, ලෙබ­න­නය,

බෙල­රු­සි­යාව සහ පල­ස්තී­නය ද ඇතැයි විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT