Home » කල්පිටිය මුහුදේ අනවසරයෙන් කිමිදී මසුන් මැරූ 9ක් බඩුත් එක්ක දැලේ

කල්පිටිය මුහුදේ අනවසරයෙන් කිමිදී මසුන් මැරූ 9ක් බඩුත් එක්ක දැලේ

by sachintha
April 29, 2024 1:10 am 0 comment

කල්පිටිය, බත්තලංගුන්ඩුව ආසන්න මුහුදේ කිමිදුම් බලපත් කොන්දේසි උල්ලංඝනය කරමින් මසුන් මැරීමේ නිරතව සිටි ධීවරයින් නවදෙනෙකු ධීවර යාත්‍රා තුනක්, කිමිදුම් උපකරණ සහ නෙළා ගත් මත්ස්‍ය අස්වැන්න කිලෝ 150ක් ද සමඟින් පෙරේදා (27) අලුයම කල්පිටිය විජය නාවුක නෞකා ආයතනය මඟින් අත්අඩංගුවට ගෙන ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ පුත්තලම කාර්‍යාලයට භාර දී ඇත.

මෙම වැටලීම පිළිබඳව අදහස් දැක්වූ පුත්තලම සහකාර ධීවර අධ්‍යක්ෂ සරත් චන්ද්‍රනායක මහතා පැවසුවේ කිමිදී මසුන් මැරීමේ වලංගු කාලය වන්නේ අලුයම හයේ සිට පස්වරු හය දක්වා බවය. එම කාලයෙන් පරිබාහිරව කිමිදී මසුන් මැරීම බලපත් නීති උල්ලංඝනය කිරීමක් බව ය. සැකකරුවන් කල්පිටිය පදිංචි වයස අවුරුදු 25 සිට 48 අතර පරාසයේ අය වෙති.

මෙම මෙහෙයුම භාරගත් ධීවර නිලධාරී වූයේ තාරක නදීශාන් ය. ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ පුත්තලම කාර්‍යාලයේ සහකාර අධ්‍යක්ෂ සරත් චන්ද්‍රනායක මහතා වැඩිදුර පරීක්ෂණ මෙහෙයවන අතර, සැකකරුවන් හා නඩු භාණ්ඩ පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

කල්පිටිය සමූහ – කුමාරී පද්මලතා

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT