Tuesday, May 14, 2024
Home » මාදම්පේ උරලියේදී කුඩු-කඩු එක්ක වෑන් රියක් හා 6ක් ‍කොටු

මාදම්පේ උරලියේදී කුඩු-කඩු එක්ක වෑන් රියක් හා 6ක් ‍කොටු

by sachintha
April 29, 2024 1:11 am 0 comment

හලාවත මාදම්පේ උරලිය ප්‍රදේශයේදී මාදම්පේ පොලිසිය සිදු කළ මෙහෙයුමකින් පසු වෑන් රථයක් සමඟ අත් බෝම්බයක්, කඩු දෙකක් ඇතුළු තියුණු ආයුධ කීපයක් 6 දෙනකු අත්අඩංගුවට ගැනීමට හැකිව ඇත.

ඒත් සමඟ වහා ක්‍රියාත්මක වූ පොලිසිය පොලිස් විශේෂ කාර්ය බළකාය හා හලාවත පොලිස් කොඨාසයේ පොලිස් ස්ථාන කීපයක නිලධාරීන් එක්ව විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදු කර ඇත. එහිදී පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් වෑන් රථයේ තිබී හෙරොයින් මිලි ග්‍රෑම් 5,600ක්ද සොයාගෙන තිබේ.

මේ සෝදිසි මෙහෙයුමේදී ප්‍රධාන සැකකරුට අයත් ඉඩමේ තිබී ටිපර් රථ 5ක්, යතුරු පැදි 6ක්, වෑන් රථ 2ක්, බැකෝ යන්ත්‍ර 3ක් හා ට්‍රැක්ටරයක් හා ලොරියක් සොයාගෙන ඇත. ඊට අමතරව වාහන අංක තහඩු කීපයක්, භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ බලපත්‍ර රැසක්, ගුවන් ගමන් බලපත්‍ර දෙකක් ඇතුළු ලිපි ලේඛන රැසක්ද අත්අඩංගුවට ගෙන තිබේ.

මාදම්පේ පොලිස් ස්ථානාධිපති (ප්‍ර.පො.ප) සමන් ඒකනයක මහතාට ලැබුණු තොරතුරක් මත මුල් වැටලීම කර ඇති අතර ඉන් පසු නාත්තන්ඩිය සහකාර පොලිස් අධිකාරී එස්.ඩී.ආර්. ප්‍රියන්ත මහතා ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් හා පුත්තලම පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.එස්. පුෂ්පකුමාර මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් දෙවැනි සෝදිසි මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත. යුක්තියේ මෙහෙයුමට සමගාමිව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නියෝග පරිදි වයඹ ජ්‍යෙෂ්ඨ නියොජ පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ උපදෙස් පරිදි පුත්තලම නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාගේ මෙහෙයවීම මත හලාවත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලූෂන් සුරියබණ්ඩාර මහතා මේ මෙහෙයුමට නායකත්වය දී ඇත.

සැකකරුවන් හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

පුත්තලම දිසා සමූහ – ප්‍රසාද් පූර්ණමාල්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT