Tuesday, May 14, 2024
Home » ගාසා තීරයේ ඊශ්‍රායල ප්‍රහාරයට එරෙහිව අමෙරිකාවේ විශ්වවිද්‍යාල විරෝධතා දිග්ගැස්සෙයි – හිටපු ජනාධිපති අපේක්ෂිකාවත් අත්අඩංගුවේ

ගාසා තීරයේ ඊශ්‍රායල ප්‍රහාරයට එරෙහිව අමෙරිකාවේ විශ්වවිද්‍යාල විරෝධතා දිග්ගැස්සෙයි – හිටපු ජනාධිපති අපේක්ෂිකාවත් අත්අඩංගුවේ

by sachintha
April 29, 2024 1:15 am 0 comment

ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ සිදු කරනු ලබන ප්‍රහාරවලට එරෙහිව අමෙරිකාව ප්‍රධාන විශ්වවිද්‍යාලවල පලස්තීන හිතවාදී විරෝධතා දිග් ගැස්සෙමින් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. වොෂින්ටන්, නිව්යෝක් ඇතුළු එරට ප්‍රධාන නගර රැසක විශ්වවිද්‍යාල සිසුසිසුවියන් වීදි බැස විරෝධතාවල නිරතවීම හේතුවෙන් පොලිසිය කැඳවීමට අමෙරිකානු රජය පියවර ගත් බව ද වාර්තා වේ.

වොෂින්ටන් නුවර සිසු උද්ඝෝෂණයට සහභාගි වූ එරට හරිත පක්ෂයේ හිටපු ජනාධිපති අපේක්ෂිකා ජිල් ස්ටේන් ද අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වෙයි.

ඇය සමඟ වොෂින්ටන් නුවර විශ්වවිද්‍යාල විරෝධතාවට සහභාගි වූ තවත් සමාජ ක්‍රියාකාරින් ඇතුළු සිසුසිසුවියන් 80කට වැඩි පිරිසක් ද පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

උතුරු කැලිෆෝනියාවේ විශ්වවිද්‍යාලයක් වසා දැමීමට ද සිදුවී ඇති අතර, ඊශ්‍රායලය ගාසා තීරයේ සිදු කරන යුද ප්‍රහාරවලට අමතරව ඊශ්‍රායලයට සම්බන්ධ ආයතන අමෙරිකාවේ විශ්වවිද්‍යාල පද්ධතියෙන් ඉවත් කිරීමට බල කරමින් එම විරෝධතා පැවැත්වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT