Wednesday, May 15, 2024
Home » වෙඩි වැදුණ තුවාල සහිත අලි පැටියකුට නිකවැරටිය වනජීවියෙන් ප්‍රතිකාර

වෙඩි වැදුණ තුවාල සහිත අලි පැටියකුට නිකවැරටිය වනජීවියෙන් ප්‍රතිකාර

by sachintha
April 29, 2024 1:10 am 0 comment

වෙඩි වැදුණු තුවාල සහිතව මවගෙන් වෙන් වූ අලි පැටියකු මීගලෑව, ගිරාතලාන ප්‍රදේශයේ අතරමංව සිටියදී ප්‍රතිකාර සඳහා නිකවැරටිය වනජීවී පශු වෛද්‍ය ඒකකයට රැගෙන ආ බව එම ඒකකය පවසයි.

වයස අවුරුදු දෙකක්, දෙක හමාරක් පමණ වයසැති අඩි තුන හමාරක්, හතරක් පමණ උසින් යුතු ගැහැනු සතකු වන අලි පැටියාගේ පාදවල වෙඩි වැදුණු තුවාල හයක් පවතින බව ද ඒ සඳහා මේ වන විට ප්‍රතිකාර අරඹා ඇති බව ද නිකවැරටිය වනජීවී පශු වෛද්‍ය ඒකකය සඳහන් කළේය.

හොඳින් ආහාර ගනිමින් සිටින මෙම අලි පැටියා තුවාල සුව වීමෙන් පසුව උඩවලව ඇත් අතුරු සෙවණට රැගෙන යන බව ද නිකවැරටිය වනජීවී පශු වෛද්‍ය ඒකකය වැඩිදුරටත් සඳහන් කළේය.

නිකවැරටිය වනජීවී පශු වෛද්‍ය ඒකකය භාර වනජීවී පශු වෛද්‍ය ඉසුරු හේවාකෝට්ටගේ මහතාගේ මූලිකත්වයෙන් අඩවි ආරක්ෂක මහතුන් වන සමන් ප්‍රේමචන්ද්‍ර, ලලිත් පෙරේරා, වන සත්ව නියාමකවරුන් වන චානක පෙරේරා, සම්පත් කුමාර, සපුමල් බණ්ඩාර යන නිලධාරීන් විසින් අලි පැටියාට ප්‍රතිකාර කිරීම සහ රැක බලා ගැනීම සිදු කරනු ලබයි.

නිකවැරටිය ගයන්දි පමෝධා

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT