Friday, May 10, 2024
Home » ඉරාකයේ ජනප්‍රිය ටික් ටොක් තරුවක් ඝාතනය කෙරේ

ඉරාකයේ ජනප්‍රිය ටික් ටොක් තරුවක් ඝාතනය කෙරේ

by chanaka
April 27, 2024 9:17 pm 0 comment

ඉරාකයේ ටික් ටොක් සමාජ මාධ්‍ය තුළ ප්‍රසිද්ධ කාන්තාවක්වන උම්ම් ෆහාඩ් (Umm Fahad) නැමැති කාන්තාව ඝාතනය කර තිබේ.

විදෙස් මාධ්‍ය පැවසුවේ නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බවයි.

යතුරු පැදියකින් පැමිණි පුද්ගලයකු ෆහාඩ්ට වෙඩි තබා පළාගොස් ඇති බව එරට පොලිසිය පවසයි. සැකකරු අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ මෙහෙයුම්ද ආරම්භ කර තිබේ.

ටික් ටොක් සමාජ මාධ්‍ය හරහා විනීතභාවය සහ සදාචාරයට පටහැනි ආකාරයේ වීඩියෝ පට හුවමාරු කිරීම හේතුවෙන් උම්ම් ෆහාඩ්ට මීට පෙර එරට අධිකරණය විසින් මාස 06ක සිර දඬුවම්ද නියමකර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT