Tuesday, May 14, 2024
Home » සියයට 9ක්ව පැවැති EPF පොලිය 13% දක්වා ඉහළට

සියයට 9ක්ව පැවැති EPF පොලිය 13% දක්වා ඉහළට

by sachintha
April 29, 2024 1:02 am 0 comment

ලක්ෂ විසි හතක වැඩ කරන සේවක පිරිසට සෙත සැලසෙමින් මෙතෙක් 9%ක්ව පැවැති සේවක අර්ථසාධක අරමුදලේ පොලිය 13% දක්වා ඉහළ නැංවීමට රජය පියවර ගෙන ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළේය.

දේශීය ණය ප්‍රශස්තකරණය යටතේ සේවක අර්ථසාධක අරමුදලේ පොලිය සියයට නවයක් ලෙස ලබාදීමට පාර්ලිමේන්තුවේ සම්මතවී තිබියදී මෙලෙස එම සීමාව සියයට දහතුන දක්වා ඉහළ නැංවීම සුවිශේෂී කරුණක් බව ද සියඹලාපිටිය මහතා පැවැසීය. පසුගිය කාලවකවානුව තුළ සේවක අර්ථසාධක අරමුදල විනාශ වෙමින් යන බවට ඇතැම් පාර්ශ්වකරුවන් විසින් පෙන්වූ බොරු බිල්ලන් පහව ගොස් ඔවුන් කී කරුණු අර්ථ විරහිත ඒවා බවට පත්වීමක් මින් පැහැදිලි වන බව ද රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය. පොලී අනුපාත ඉහළ නැංවීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේද කීය…

රටේ ඇති දැවැන්තම අරමුදල සේවක අර්ථසාධක අරමුදලයි. මේ වන විට ක්‍රියාකාරී සාමාජිකයන් ලක්ෂ විසි හතක පිරිසක් එහි සිටිනවා. ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී විශාලතම අභියෝගය එල්ල වූයේ සේවක අර්ථසාධක අරමුදලත් සමඟ පැවැති ණය සම්බන්ධවයි. පාර්ලිමේන්තුවේ මෙන්ම මාධ්‍ය හරහා ද සමාජයේ ද බොහෝ දෙනා ඒ සම්බන්ධයෙන් චෝදනා කළේ ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී සේවක අර්ථසාධක අරමුදලට විශාල අලාභයක් සිදුවන බව සඳහන් කරමින්ය.

කෙසේ වෙතත් චෝදනා නැඟූ බොහෝ දෙනා මේ වන විට නිහඬව සිටින බවත් 2023 වර්ෂය සඳහා සේවක අර්ථ සාධක අරමුදලෙහි ආයෝජනය කර උපයාගත් මුදල්වලින් 13%ක පොලී ප්‍රතිශතයක් ගෙවීමට රජය ගෙන ඇති මෙම තීරණය සාමාජිකභවතුන්ට සුබ පණිවිඩයක් වනු ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ජයසිරි මුණසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT