Tuesday, May 14, 2024
Home » හෙන්රිච් ක්ලාසන්ට රු. ලක්ෂ 289ක රන්මා­ල­යක් තෑගි

හෙන්රිච් ක්ලාසන්ට රු. ලක්ෂ 289ක රන්මා­ල­යක් තෑගි

by damith
March 30, 2024 1:15 am 0 comment

අයි­පී­එල් තර­ගා­ව­ලි­යේදී මුම්බායි ඉන්දි­යන්ස් පිලට එරෙ­හිව නොදැවී ලකුණු 80ක් ලබා ගත් සන්ර­යි­සස් හයි­ද්‍රා­බාද් කණ්ඩා­යමේ කළ­ම­නා­කා­රී­ත්වය හෙන්රිච් ක්ලාසන්ට ඉන්දීය රුපි­යල් ලක්ෂ 80ක් වටිනා රන් මාල­යක් (ශ්‍රී ලංකා රුපි­යල් ලක්ෂ 289ක්) තිළිණ කරයි.

අයි­පී­එල් ඉති­හා­සයේ වැඩිම ලකුණු රැස්කළ කණ්ඩා­යම බවට පත්වූ සන්ර­යි­සස් හයි­ද්‍රා­බාද් පිල මේ තර­ග­යේදී කඩුලු 3කට ලකුණු 277ක් ලබා­ගත් අතර, හෙන්රිච් ක්ලාසන් පන්දු 34කදී හයේ පහර 7ක් හා හතරේ පහර 4ක් එල්ල කළේය.

සන්ර­යි­සස් හයි­ද්‍රා­බාද් කණ්ඩා­යම ලකුණු 31කින් ජය­ගත් අතර, තර­ග­යෙන් අන­තු­රුව ජය­ග්‍ර­හ­ණය සමරා ක්‍රීඩා විවේ­කා­ගා­ර­යේදී උත්ස­ව­යක් පවත්වා ඇත. මෙහිදී දකුණු අප්‍රි­කානු ක්‍රීඩක හෙන්රිච් ක්ලාසන්ට සන්ර­යි­සස් හයි­ද්‍රා­බාද් ලාංඡ­නය සහිත රන් මාලය පලඳා ඇති අතර, එම වීඩී­යෝව සාමාජ මාධ්‍ය ඔස්සේ සංස­ර­ණය වෙමින් පවතී.

ප්‍රින්ස් ගුණ­සේ­කර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT