Home » බ්‍රිතාන්‍ය හමුදා සෙබ­ළුන්ට සහ නිල­ධා­රීන්ට රැවුළ වැවී­මට අව­සර දෙයි

බ්‍රිතාන්‍ය හමුදා සෙබ­ළුන්ට සහ නිල­ධා­රීන්ට රැවුළ වැවී­මට අව­සර දෙයි

by damith
March 30, 2024 1:15 am 0 comment

බ්‍රිතාන්‍ය හමු­දාවේ සේවය කරන අත­ර­තුර එහි සෙබ­ළුන්ට සහ නිල­ධා­රින්ට රැවුල වැවී­මට අව­සර දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ අව­ස­රය ලබා දී ඇත්තේ වසර ගණ­නා­වක සිට පැවැති සාකච්ඡා කිහි­ප­ය­කට පසුව බව ද වැඩි­දු­ර­ටත් වාර්තා වේ. ඒ අනුව සෙබ­ළුන්ට සහ නිල­ධා­රීන්ට උඩු රැවුල සහ මුහුණ පුරා රැවුල වැවී­මට අව­සර ලැබී ඇති අතර, නිසි ලෙස පිළි­වෙ­ළ­කට සකස් කර තිබේ­දැයි දින­පතා පරික්ෂා කිරී­මට නිය­මිත බවද වාර්තා වේ.

පසු­ගිය මාස කිහි­පය තුළ බ්‍රිතාන්‍ය හමු­දාවේ සෙබ­ළුන්ගේ සහ නිල­ධා­රීන්ගේ පෙනුම පිළි­බඳ යුද හමු­දාවේ ප්‍රති­ප­ත්ති සම්බ­න්ධව සමා­ලෝ­ච­න­යක් ද සිදු කර ඇති අතර, එම තීර­ණය ගෙන ඇත්තේ ඉන් පසුව බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

නව ප්‍රති­ප­ත්තිය බ්‍රිතාන්‍ය හමු­දා­වට අලු­තින් බඳවා ගැනීම් සිදු කිරී­මට පිටිව­හ­ලක් වනු ඇතැයි ද, ඩෙන්මා­ර්කය, ජර්ම­නිය සහ බෙල්ජි­යම දැන­ට­මත් එරට හමු­දාවේ සෙබ­ළුන්ට සහ නිල­ධා­රීන්ට රැවුල වැවී­මට අව­සර දී ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT