Home » බැල්ටි­මෝර් පාලමේ අනතුරට ඩොලර් බිලි­යන 3ක ඉති­හා­ස­ගත රක්ෂ­ණ වන්දි­යක්

බැල්ටි­මෝර් පාලමේ අනතුරට ඩොලර් බිලි­යන 3ක ඉති­හා­ස­ගත රක්ෂ­ණ වන්දි­යක්

by damith
March 30, 2024 1:16 am 0 comment

බැල්ටි­මෝර් නුවර පාලම කඩා වැටී­මෙන් සිදු වූ හානිය සඳහා වන රක්ෂණ මුදල අමෙ­රි­කානු ඩොලර් බිලි­යන 3 ඉක්ම­වනු ඇතැයි ද, එය එතෙක් මෙතෙක් ඉති­හා­සයේ තනි අන­තු­ර­කට ගෙවනු ලබන විශා­ල­තම සමුද්‍ර රක්ෂ­ණය වනු ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. බැල්ටි­මෝර් වරායේ සිට ගමන් ආරම්භ කළ සිංග­ප්පූ­රු­වට අයත් භාණ්ඩ නෞකා­වක් ගැටී­මෙන් ෆ්‍රැන්සිස් ස්කොට් කී නමැති එම පාලම මුළු­ම­නින්ම කඩා වැටුණු අතර, පුද්ග­ල­යන් 6 දෙනකු ජීවි­ත­ක්ෂ­යට පත්වූ බව ද වාර්තා විය.

කඩා වැටුණු පාලම මෙන්ම ඊට මුල් වූ නෞකාව ද රක්ෂ­ණය කර ඇති බැවින් අන­තුරේ මූල්‍ය­මය පාඩුව පියවා ගැනී­මට හැකි වුවද, පාලම කඩා වැටී­මෙන් වරායේ භාණ්ඩ ප්‍රවා­හන මෙහෙ­යු­මට සිදු වූ පාඩුව පියවා ගැනී­මට නොහැකි විශාල අර්බු­ද­යක් වනු ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

පසු­ගිය වස­රේදී පම­ණක් අමෙ­රි­කානු ඩොලර් බිලි­යන 80ක භාණ්ඩ හුව­මාරු වූ මේ වරාය ජාතික සහ ජාත්‍ය­න්තර ආර්ථි­කයේ වැද­ගත් සැප­යුම් මාර්ග­යක් බවත් මේරි­ලන්ඩ් පළාතේ ආණ්ඩු­කාර ආණ්ඩු­කාර වෙස් මුවර් ප්‍රකාශ කර තිබිණි. පාල­මෙහි සුන්බුන් ඉවත් කර වරායේ පිවි­සුම් මාර්ගය යළි විවෘත කරන තුරු ඩොලර් මිලි­යන 15ක පමණ දෛනික පාඩු­වක් විඳ ගැනී­මට සිදු­වනු ඇතැයි ද වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT