Tuesday, May 14, 2024
Home » විස්සයි20න් එකට එක කරන්න ශ්‍රී ලංකා ක්‍රීඩි­කාවෝ අද තරග බිමේ

විස්සයි20න් එකට එක කරන්න ශ්‍රී ලංකා ක්‍රීඩි­කාවෝ අද තරග බිමේ

by damith
March 30, 2024 1:16 am 0 comment

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩා­යම සහ දකුණු අප්‍රි­කානු කාන්තා ක්‍රිකට් කණ්ඩා­යම අතර දෙවැනි විස්සයි20 ක්‍රිකට් තර­ගය අද (30) පොච්ෆ්ස්ට්රූ­ම්හිදී මෙරට වේලා­වෙන් රාත්‍රී 9.30ට පැවැත්වේ.

දෙපිල අතර පළමු තර­ග­යෙන් දකුණු අප්‍රි­කාව ලකුණු 79ක දැවැන්ත ජයක් වාර්තා කළ අතර, ඒ සමඟ තරග 3කින් සම­න්විත විස්සයි20 තර­ගා­ව­ලිය 1-0ක් ලෙස පෙර­මුණ ගැනී­මට ද ඔවුන්ට හැකි­විණි.

ඒ හේතු­වෙන් මේ තර­ගා­ව­ලියේ තව­දු­ර­ටත් රැඳී සිටී­මට නම් ශ්‍රී ලංකා පිල අද තර­ගය අනි­වා­ර්ය­යෙන්ම ජය­ගත යුතු වී තිබේ. එසේ වුව­හොත් ශ්‍රී ලංකා­වට තර­ගා­ව­ලිය 1-1ක් ලෙස සම කර ගනි­මින් තෙවැනි තර­ග­යට යා හැකි වන අතර, එසේ නොවු­ණ­හොත් දකුණු අප්‍රි­කානු ක්‍රීඩි­කාවෝ වේලා­ස­නින්ම තර­ගා­ව­ලියේ ජය තමන් සතු කර ගනු ඇත.

පළමු තර­ග­යේදී ශ්‍රී ලංකා ආර­ම්භක පිති­කා­රි­නි­යන් වන නායිකා චමරි අත­පත්තු සහ විශ්මි ගුණ­ර­ත්නට ලකුණු අත­රට පිවි­සී­මට නොහැකි වීම විශාල පාඩු­වක් වූ අතර, හර්ෂිතා සම­ර­වි­ක්‍රම (38) සහ හසිනි පෙරේරා (30) යම් සට­නක් දුන්නද කණ්ඩා­යම ජය­ග්‍ර­හ­ණය කරා ගෙන යෑමට එය ප්‍රමා­ණ­වත් නොවිණි.

එබැ­වින් අද තර­ග­යේදී ශ්‍රී ලංකා ඉනි­මට සාර්ථක ආර­ම්භ­යක් ලැබිය යුතුම වී තිබේ.

දකුණු අප්‍රි­කානු පිති­කා­රි­නි­යන් හමුවේ ශ්‍රී ලංකා පන්දු යව­න්නි­යන්ට ද සාර්ථක වීමට අව­ස්ථා­වක් නොලැ­බුණු අතර, අද තර­ග­යේදී ඒ සියලු අත­ප­සු­වීම් නිවැ­රදි කර ගැනී­මට ශ්‍රී ලංකා කණ්ඩා­ය­මට සිදු වනු ඇත.

එම තර­ග­යේදී ලෝරා වොල්වාඩ්ට් සිය මංගල ශත­කය ලෙස ලකුණු 102ක් රැස් කළ අතර, මැරි­සාන් කාප් ලකුණු 60ක් රැස් කළාය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT