Tuesday, May 14, 2024
Home » ඉන්දීය ආරක්ෂක උපදේශක රුසියාවේ සංචාරයක

ඉන්දීය ආරක්ෂක උපදේශක රුසියාවේ සංචාරයක

by sachintha
April 29, 2024 1:28 am 0 comment

ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් පසුගියදා රුසියාවේ සංචාරයක නිරත වී ඇතැයි ද, ඔහු එහි දී රුසියානු ආරක්ෂක කවුන්සිලයේ ලේකම් නිකොලායි පට්‍රෙෂව් හමු වී විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එම සාකච්ඡාවේදී දෙරට අතර ද්විපාර්ශ්වික සහයෝගිතාවයේ ප්‍රගතිය සමාලෝචනය කළ බවත්, අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු රැසක් පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡාවකට ලක් වී ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

අජිත් දොවාල් රුසියාවේ සංචාරයට එක් වී ඇත්තේ එරට ශාන්ත පීටර්ස්බර්ග් නුවර පැවැති ආරක්ෂාව සඳහා වගකිවයුතු ඉහළ මට්ටමේ නිලධා­‍රීන්ගේ ජාත්‍යන්තර රැස්වීමට සහභාගි වීමට බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම රැස්වීම අතරතුර අජිත් දොවාල් සහ බ්‍රසීල ජනාධිපතිවරයාගේ ප්‍රධාන උපදේශක සෙල්සෝ අමෝරිම් අතර ද සාකච්ඡාවක් පැවති බව රුසියාවේ ඉන්දීය තානාපති කාර්යාලය එක්ස් සමාජ මාධ්‍ය ගිණුමෙහි සඳහන් කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT