Home » දිවං­ගත මන්ත්‍රී රංජිත් ද සොයිසා ගොඩ­ක­වෙල වෙඩි තැබීම් නඩු­වෙන් නිද­හස්

දිවං­ගත මන්ත්‍රී රංජිත් ද සොයිසා ගොඩ­ක­වෙල වෙඩි තැබීම් නඩු­වෙන් නිද­හස්

by damith
March 30, 2024 1:18 am 0 comment

ගොඩ­ක­වෙල අල්පි­ටිය ප්‍රදේ­ශ­යේදී පුද්ග­ල­යින් හත් දෙන­කුට වෙඩි තබා තුවාල කිරීම සහ ඔවුන් ඝාත­නය කිරී­මට තැත් කිරීමේ චෝදනා මත රත්න­පුර මහා­ධි­ක­ර­ණයේ පැවති නඩු­වක වෝද­නා­ව­ලින් අභා­ව­ප්‍රාප්ත හිටපු රත්න­පුර දිස්ත්‍රික් පාර්ලි­මේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතා ඇතුළු සැක­ක­රු­වන් තිදෙ­නකු නිදොස් කොට නිද­හස් කිරී­මට මහා­ධි­ක­රණ විනි­සුරු එල්.කේ. මහින්ද මහතා පෙරේදා (28) නියෝග කළේය. ගොඩ­ක­වෙල ප්‍රාදේ­ශීය සභාවේ හිටපු සභා­පති ප්‍රියන්ත බණ්ඩාර මහතා සහ කහව දඩ­ල්ලගේ නන්ද කුමාර යනද අය නිදොස් කොට නිද­හස් කරන ලද තිදෙනා අතර සිටිති.

මේ නඩුව විභාග වන අත­ර­තුර පාර්ලි­මේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතා මිය­ගිය අතර, ඔහු නැතිව නඩුව විභා­ග­යට ගැනී­මට මහා­ධි­ක­රණ විසු­රු­ව­රයා තීර­ණය කර තිබිණි.

2000 වසරේ ඔක්තෝ­බර් මස 10 හෝ ඊට ආසන්න දින­යක ගොඩ­ක­වෙල අල්පි­ටිය ප්‍රදේ­ශ­යේදී ටී.ඒ. උදය ඉරෝ­ෂන්, මහි­න්ද­පාල, දිග­දු­රගේ ශාන්ත, ඒ. සංජීව අම­ර­වංශ, ආරු­මු­ගම් විජේ­කු­මාර්, චන්දන රාජ­පක්ෂ, එස්.එම්. රත්නා­යක යන අයට වෙඩි තබා තුවාල කිරීම සහ මිනී­මැ­රී­මට තැත් කිරීම පොදු අර­මුණ කර­ගත් නීති විරෝධි රැස්වී­මක සාමා­ජි­ක­යන් වීම යන චෝදනා මත සැක­ක­රු­වන්ට එරෙ­හිව අධි චෝදනා 15ක් යටතේ නඩු­ප­වරා තිබිණි.

මේ නඩුව රත්න­පුර මහා­ධි­ක­ර­ණ­යේදී කොළඹ මහා­ධි­ක­රණ විනි­සු­රු­ව­ර­යකු වන එල්.කේ. මහින්ද මහතා විසින් විභාග කරන ලදි. සාක්ෂි­වල ස්වභා­වය අනුව විත්ති වාචක එනම් විත්ති­ක­රු­ව­න්ගෙන් සාක්ෂි කැඳ­වී­ම­කින් තොරව අප­රාධ නඩු විධාන සංග්‍ර­හයේ 200 වන වග­න්තිය අනුව විත්ති­ක­රු­වන් නිදොස් කොට නිද­හස් කරන ලෙස විත්ති­ක­රු­වන් වෙනු­වෙන් පෙනී සිටි නීතිඥ චන්දන අතු­කෝ­රල මහතා මහා­ධි­ක­ර­ණ­යෙන් ඉල්ලී­මක් කර තිබූ අතර, මහා­ධි­ක­රණ විනි­සු­රු­ව­රයා ඒ ඉල්ලම සලකා බල­මින් විත්ති­ක­රු­වන් නිදොස් කොට නිද­හස් කළේය.

කහ­වත්ත නිරෝ­ෂණ පෙරේරා

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT