Home » බස් රථ­යක් දකුණු අප්‍රි­කාවේ ප්‍රපා­ත­ය­කට වැටී පාස්කු මෙහෙ­යට ගිය බැති­ම­තහු 45ක් මරුට

බස් රථ­යක් දකුණු අප්‍රි­කාවේ ප්‍රපා­ත­ය­කට වැටී පාස්කු මෙහෙ­යට ගිය බැති­ම­තහු 45ක් මරුට

අට හැවි­රිදි දැරි­යක් දිවි බේරා ගනී

by damith
March 30, 2024 1:18 am 0 comment

පාස්කු බැති­ම­තුන් රැගත් බස් රථ­යක් කඳු සහිත මාර්ග­ය­කදී ප්‍රපා­ත­ය­කට ඇද වැටී­මෙන් එහි ගමන් ගත් පුද්ග­ල­යන් 45 දෙනකු ජීවි­ත­ක්ෂ­යට පත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. දකුණු අප්‍රි­කාවේ ලිම්පොපෝ පළා­තේදී එම අන­තුර සිදු වී ඇති අතර, බස් රථයේ සිටි පුද්ග­ල­ය­න්ගෙන් දිවි බේරා ගෙන ඇත්තේ අට හැවි­රිදි දැරි­යක පම­ණක් බව ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය. එම දැරිය බර­ප­තළ තුවාල සහි­තව ගුවන් මඟින් රෝහල කරා රැගෙන ගොස් ඇතැයි ද වාර්තා වේ. එම අන­තුර සිදු වී ඇත්තේ බැති­ම­තුන් දකුණු අප්‍රි­කාවේ අස­ල්වැසි රටක් වන බොට්ස්වානාහි ගැබො­රොන් අග­නු­වර සිට මොරියා නමැති ප්‍රදේ­ශ­යක පිහිටි කතෝ­ලික දේව­ස්ථා­න­යක පාස්කු මෙහෙ­ය­කට සහ­භාගි වීමට යමින් සිටි­ය­දිය.

ප්‍රපා­ත­යට ඇද වැටුණු බස් රථය පසුව ගිනි ගෙන විනාශ වී ඇති අතර, අන­තු­රට හේතුව සොයා ගැනී­මට පරී­ක්ෂ­ණ­යක් ආරම්භ කර ඇතැයි ද වාර්තා වේ.

කඳු­කර මාර්ගයේ පාල­මක් මතදී රියැ­දු­රුට වේගය පාල­නය කර­ගැ­නී­මට නොහැ­කිව බස් රථය මීටර් 50ක පහ­ළට ඇද වැටී ඇතැයි මූලික පරී­ක්ෂ­ණ­යේදී අනා­ව­ර­ණය වූ බව පළාත් ප්‍රවා­හන දෙපා­ර්ත­මේ­න්තුව නිවේ­ද­නය කර තිබේ. බොහෝ මළ සිරුරු හඳු­නා­ගත නොහැකි අයු­රින් පිළිස්සී ඇති අතර, අන­තුර සිදුවූ ස්ථාන­යෙන් ගොඩ ගැනී­මට හැකි වී ඇත්තේ මළ සිරුරු 12ක් පම­ණක් බවද වැඩි­දු­ර­ටත් වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT