Home » ශ්‍රී ලංකා-බංග්ලා­දේශ දෙවැනි ටෙස්ට් තර­ගය අද ඇරඹේ

ශ්‍රී ලංකා-බංග්ලා­දේශ දෙවැනි ටෙස්ට් තර­ගය අද ඇරඹේ

ෂකීබ් එන විට හතු­රු­සිංහ ගියේ දෙදෙනා අතර විර­ස­කය නිසාද?

by damith
March 30, 2024 1:18 am 0 comment

ශ්‍රී ලංකා – බංග්ලා­දේශ දෙවැනි හා අව­සන් ටෙස්ට් ක්‍රිකට් තර­ගය චැටෝ­ග්‍රෑම් අහ­මඩ් චෞද්රි ජාත්‍ය­න්තර ක්‍රිකට් ක්‍රීඩාං­ග­ණ­යේදී ශ්‍රී ලංකා වේලා­වෙන් අද පෙර­වරු 9.30ට ආරම්භ වෙයි. සිල්හෙට්හි පැවති පළමු ටෙස්ට් තර­ගය ලකුණු 328කින් ජය­ගත් ශ්‍රී ලංකාව දැන­ට­මත් තර­ගා­ව­ලිය 1-0ක් ලෙස ඉදි­රි­යෙන් සිටින අතර, මෙය අයි­සීසී ලෝක ටෙස්ට් ශූර­තා­ව­ලියේ කොට­සක් බැවින් මේ තර­ගයේ ජය­ග්‍ර­හ­ණය දෙපි­ල­ටම වැද­ගත් වේ.

වසර 2022දී ඉන්දි­යාව හා බංග්ලා­දේ­ශය අතර ටෙස්ට් තර­ගය පැවැ­ත්වී­මෙන් අන­තු­රුව මේ චැටෝ­ග්‍රෑම් අහ­මඩ් චෞද්රි ජාත්‍ය­න්තර ක්‍රිකට් ක්‍රීඩාං­ග­ණ­යේදී ටෙස්ට් තර­ග­යක් පැවැ­ත්වෙන පළමු අව­ස්ථාව මෙය වේ. වසර 2018දී මෙ ක්‍රීඩාං­ග­ණයේ පැවති ටෙස්ට් තර­ග­යේදී කුසල් මෙන්ඩිස් ලකුණු 196ක් හා ධනං­ජය ද සිල්වා ලකුණු 173ක් ලබා ශ්‍රී ලංකා ඉනිම වාර්තා­ගත ලෙස ලකුණු 713ක් බවට පත් කිරීම ශ්‍රී ලංකා ක්‍රීඩ­ක­යන්ගේ මත­කයේ රැඳෙනු ඇත. බංග්ලා­දේ­ශ­යද එහි පළමු ඉනිමේ ලකුණු 513ක් ලබා­ගත් හෙයින් අහ­මඩ් චෞද්රි ක්‍රිකට් තණ­තිල්ල පිති­ක­රු­වන්ට පාරා­දී­ස­යක් වූවේය.

මේ අතර බංග්ලා­දේශ පුහු­ණු­කරු චන්දික හතු­රු­සිංහ හදි­සි­යේම කණ්ඩා­යම හැර යද්දී ඔහු සමඟ පසු­ගිය කාලය පුරා මත ගැටුම් ඇති­ක­ර­ගෙන සිටි ෂකීබ් අල් හසන් වස­රක විරා­ම­ය­කට පසු නැවත ටෙස්ට් පිටි­යට පැමි­ණීම විශේ­ෂ­ත්ව­යකි. ෂකීබ් සමඟ ඇති විර­ස­කය හේතු­වෙන් බංග්ලා­දේශ පුහු­ණු­කරු චන්දික හතු­රු­සිංහ මේ තර­ග­යේදී කණ්ඩා­ය­මෙන් ඉවත් වූවේද යන්න බොහෝ දෙනාගේ කතා බහට ලක්වී තිබේ. කෙසේ වුවද සහාය පුහු­ණු­කරු නික් පොතාස් කණ්ඩා­යමේ වැඩ­බ­ලන පුහු­ණු­කරු ලෙස කට­යුතු කරනු ලබයි.

තුන් ඉරි­යව් ක්‍රීඩක ෂකීබ් අල් හසන් අව­සන් වරට ටෙස්ට් තර­ග­ය­කට ක්‍රීඩා කළේ 2023 අප්‍රේල් මාස­යේදී අය­ර්ල­න්තය හමුවූ අව­ස්ථා­වේ­දීය. පළමු ටෙස්ට් තර­ගය සඳහා 15 දෙනා අතර සිටි පිති­කරු තව්හිඩ් හිරි­ඩෝයි සංචි­ත­යෙන් ඉව­ත්කොට ෂකීබ් අල් හසන්ට අව­ස්ථාව ලබා දී තිබේ. වේග පන්දු යවන ක්‍රීඩක මුෂ්ෆික් හසන් ඔහුගේ වම් වළ­ලු­ක­රයේ ආබා­ධ­ය­කට ලක්ව ඉව­තට ගිය හෙයින් දකු­ණත් වේග පන්දු යවන ක්‍රීඩක හසන් මහ­මුද් සංචි­ත­යට ආදේශ කොට ඇත. බංග්ලා­දේ­ශය වෙනු­වෙන් එක්දින හා විස්සයි20 තරග 39ක් ක්‍රීඩා කර ඇති හසන් මහ­මුද් කඩුලු 48ක් දවා ගත්තද, තව­මත් ටෙස්ට් තර­ග­ය­කට සහ­භාගි වී නැත. මහ­මුද් පළමු පෙළ තරග 16කදී කඩුලු 49ක් දවා­ගෙන ඉදි­රි­යෙන් සිටින හෙයින් ඔහුට අද තර­ග­යේදී ටෙස්ට් වරම් හිමි­වනු ඇතැයි විශ්වාස කළ හැකිය. ශ්‍රී ලංකා වේග පන්දු යවන කසුන් රාජිත පාදයේ ඇතිවූ ආබා­ධ­යක් හේතු­වෙන් ශ්‍රී ලංකා­වට පැමිණ සිටින අතර, අසිත ප්‍රනාන්දු සංචි­ත­යට එක්කොට ඇත.

ශ්‍රී ලංකාව හා බංග්ලා­දේ­ශය වසර 2001 සිට ටෙස්ට් තරග 25ක් පවත්වා එයින් තරග 19ක ජය ශ්‍රී ලංකාව සතු­කර ගත්තේය. දෙරට ටෙස්ට් බිමේ හමු වී වසර 16කට පසු බංග්ලා­දේ­ශය එකම ටෙස්ට් ජය­ග්‍ර­හ­ණය පී. සරා ඕවල් පිටි­යේදී වාර්තා කිරී­මට සමත් විය. තරග 5ක් ජය පරා­ජ­යෙන් තොරව නිමා­වට පත්ව ඇති අතර, එයින් තුනක්ම චැටෝ­ග්‍රෑ­ම්හිදී නිමා­වට පත් වූවේය.

අසිත ප්‍රනාන්දු ඊයේ පුහුණුවීම්වල නිරතව සිටි අයුරු

අසිත ප්‍රනාන්දු ඊයේ පුහුණුවීම්වල නිරතව සිටි අයුරු

ප්‍රින්ස් ගුණ­සේ­කර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT