Home » වැටට පිටින් සිරිපා නඟින්න ගිය ඉන්දීය වන්ද­නා­කරු අඩි 100ක් ප්‍රපා­තයේ

වැටට පිටින් සිරිපා නඟින්න ගිය ඉන්දීය වන්ද­නා­කරු අඩි 100ක් ප්‍රපා­තයේ

උඩ­ම­ළුවේ පොලි­සිය නිසා නූලෙන් දිවි ගැලවේ

by damith
March 30, 2024 1:19 am 0 comment

ශ්‍රී පාද­ස්ථා­නය වන්ද­නා­මාන කිරි­මට ගිය ඉන්දීය ජාති­ක­යකු ඇහැළ කණුව අස­ලදී අඩි 100ක පමණ ප්‍රපා­ත­යට වැටී සිටි­යදී ශ්‍රීපාද උඩ­ම­ළුවේ පොලිස් ස්ථාණයේ නිල­ධා­රීන් මැදි­හත්ව ඔහු ප්‍රපා­ත­යෙන් ගොඩ ගෙන මස්කෙ­ළිය රෝහ­ලට ඇතු­ළත් කර ඇත. ඊයේ 29 උදේ මේ ඉන්දීය ජාති­කයා හැටන් මාර්ග­යෙන් ශ්‍රීපාද වන්ද­නාවේ ගොස් ආපසු රත්න­පුර පලා­බ­ද්දල මාර්ගයේ එද්දී ඇහැළ කණුව ආස­න්න­යේදී ප්‍රපා­ත­ය­කට වැටී ඇත්තේ ආර­ක්ෂිත වැටෙන් පිට­තින් ගමන් කිරී­මේදී බව පොලි­සිය පව­සයි. මෙසේ අන­තු­රු­දා­යක ලෙස ගමන් කිරීම නිසා විදේ­ශි­කයා අඩි සිය­යක් පමණ ප්‍රපා­ත­ය­කට පෙරළී ගොස් රැඳී සිටි­යදී පොලිස් නිල­ධා­රීන් පැමිණ ඔහු ඉහ­ළට රැගෙන විත් රෝහ­ල්ගත කර තිබේ.

කහ­වත්ත - නිරෝ­ෂණ පෙරේරා

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT