Home » උත්තර් ප්‍රදේශ් මැර දේශ­පා­ල­නඥයා හෘද­යා­බා­ධ­ය­කින් ජීවි­ත­ක්ෂ­යට

උත්තර් ප්‍රදේශ් මැර දේශ­පා­ල­නඥයා හෘද­යා­බා­ධ­ය­කින් ජීවි­ත­ක්ෂ­යට

by damith
March 30, 2024 1:19 am 0 comment

පුද්ගල ඝාතන කිහි­ප­යක් සම්බ­න්ධව වර­ද­කරු වී ජීවි­තා­න්තය දක්වා සිරදඬු­වම් විඳි­මින් සිටි ඉන්දි­යාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ බහු­ජන සමාජි පක්ෂයේ ප්‍රබල දේශ­පා­ල­නඥ­යකු වූ මුක්තාර් අන්සාරි හෘද­යා­බා­ධ­ය­කින් ජීවි­ත­ක්ෂ­යට පත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 60 හැවි­රිදි මුක්තාර් අන්සාරි ජීවි­තා­න්තය දක්වා සිර­ද­ඬු­ව­මට ලක්ව සිටියේ ව්‍යාජ අවි­ආ­යුධ බල­පත්‍ර නඩු­ව­කට වර­ද­කරු වීමෙනි. ඊට පෙර ඔහු භාර­තීය ජනතා පක්ෂ­යට නාය­ක­ත්වය දෙමින් උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ දේශ­පා­ලන කට­යු­තු­වල නිර­තව සිටි ක්‍රිෂ්ණා­නන්ද් රායි ඇතුළු පුද්ග­ල­යන් කිහි­ප­දෙ­නකු 2005 වස­රේදී වෙඩි තබා ඝාත­නය කිරීමේ චෝද­නා­වට ලක්ව වසර 10ක සිරදඬු­වම් විඳි­මින් සිටි­යේය.

අනූව දශ­ක­යේදී සංවි­ධා­නා­ත්මක අප­රාධ කල්ලි­ය­කට නාය­ක­ත්වය දෙමින් කප්පම් ගැනීම් සහ පැහැ­ර­ගෙන යෑම් ඇතුළු විවිධ අප­රාධ රැසක් සිදු කර පසුව දේශ­පා­ල­න­යට පිවිසි මුක්තාර් අන්සා­රිට හෘද­යා­බා­ධ­යක් වැල­ඳීම සඳහා වස මිශ්‍ර ආහාර ලබා දී ඇතැයි ඔහුගේ පුත්‍රයා උමර් අන්සාරි චෝදනා කර ඇතැයි ද වාර්තා වේ. තමාට වස මිශ්‍ර ආහාර ලබා­දීම හේතු­වෙන් ස්නායු වේද­නා­ව­කින් පීඩා විඳින බව මියයෑමට දින 10කට පෙර මුක්තාර් අන්සාරි අධි­ක­ර­ණ­යක පෙනී සිටි අව­ස්ථාවේ ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ. මේ පිළි­බඳ විම­ර්ශ­නය කිරී­මට උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත රජය ත්‍රිපු­ද්ගල විනි­සුරු මණ්ඩ­ල­යක් පත් කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT