Monday, April 29, 2024
Home » එක්සත් ජාතීන්ගේ ජාත්‍ය­න්තර අධි­ක­ර­ණ­යෙන් ඊශ්‍රා­ය­ල­යට නියෝග
ගාසා තීර­යේ මානු­ෂීය ආධාරවලට බාධා­ව­කින් තොරව ඉඩ දෙන්න

එක්සත් ජාතීන්ගේ ජාත්‍ය­න්තර අධි­ක­ර­ණ­යෙන් ඊශ්‍රා­ය­ල­යට නියෝග

by damith
March 30, 2024 1:20 am 0 comment

ගාසා තීරයේ ජන­තා­වට බාධා­ව­කින් තොරව මානු­ෂීය ආධාර සැප­යී­මට අව­ස්ථාව සල­සන මෙන් එක්සත් ජාතීන්ගේ සංවි­ධා­නයේ ජාත්‍ය­න්තර අධි­ක­ර­ණය නියෝග කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ගාසා තීරයේ ජන­තා­වගේ මූලික සහ හදිසි අව­ශ්‍යතා ඇතුළු මානු­ෂීය ආධාර සඳහා ඊශ්‍රා­ය­ලය කිසිදු ප්‍රමා­ද­ය­කින් තොරව ඉඩ දිය යුතු බවට එක්සත් ජාතීන්ගේ සංවි­ධා­නයේ යුක්තිය සඳහා වන ජාත්‍ය­න්තර අධි­ක­ර­ණය ඒක­ම­ති­කව තීර­ණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය. එක්සත් ජාතීන්ගේ සංවි­ධා­නය මේ නියෝ­ගය නිකුත් කර ඇත්තේ ඉදිරි සති කිහි­පය ඇතු­ළත ගාසා තීරයේ දැඩි සාගත තත්ත්ව­යක් උදා­වීමේ අන­තුරු ඇඟ­වීම් සිදු කර ඇති අව­ස්ථා­ව­ක­දීය.

ගාසා තීර­යට මානු­ෂීය ආධාර සැප­යී­මට දැනට ඇති මාර්ග පුළුල් කිරී­මට සහ නව ප්‍රවේශ මාර්ග සැලැ­සී­මට තව­දු­ර­ටත් කට­යුතු කරන බව ජාත්‍ය­න්තර අධි­ක­ර­ණයේ නියෝ­ග­යට ප්‍රති­චාර දක්ව­මින් ඊශ්‍රා­ය­ලයේ විදේශ අමා­ත්‍යාං­ශය ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ. එක්සත් ජාතීන්ගේ සංවි­ධා­නය සහ සෙසු සංවි­ධාන සමඟ එක්වී මුහු­දෙන්, ගොඩ­බි­මෙන් සහ ගුව­නින් අවශ්‍ය ආධාර ලබා­ දී­මට කට­යුතු කරන බව ද ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ. ගාසා තීරයේ උදා වී ඇති තත්ත්ව­යට වග­කිව යුතු­වන්නේ හමාස් සංවි­ධා­නය බවත් ඊශ්‍රා­යල විදේශ අමා­ත්‍යාං­ශය සඳ­හන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ෆවුස් මොහොමඩ්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT