Wednesday, May 15, 2024
Home » ඥාන­සාර හිමි බන්ධනාගාර රෝහ­ලට

ඥාන­සාර හිමි බන්ධනාගාර රෝහ­ලට

පපුවෙ අමා­රු­වක් සහ බඩේ අමාරුව

by damith
March 30, 2024 1:24 am 0 comment

වසර හත­රක බර­ප­තළ වැඩ­ස­හිත සිර­ද­ඬු­ව­මක් නියම වීමෙන් පෙරේදා (28) වැලි­කඩ බන්ධ­නා­ගා­රයේ ‘R’ වාට්ටු­වට යොමු කළ ගල­ගො­ඩ­අත්තේ ඥාන­සාර හිමි ඊයේ (29) හදි­සියේ ඇති වූ පපුවේ අමා­රු­වක් සහ බඩේ රුදා­වක් හේතු­වෙන් වැලි­කඩ බන්ධ­නා­ගාර රෝහ­ලට ඇතු­ළත් කර ඇත.

ඥාන­සාර හිමි ඊයේ (29) පෙර­ව­රුවේ බන්ධ­නා­ගර රෝහල් වෛද්‍ය­ව­රුන් විසින් පරීක්ෂා කර ඇති අතර, එයින් පසු අනා­ව­ර­ණය වූ මේ රෝගී තත්ත්ව­යන් මත උන් වහන්සේ බන්ධ­නා­ගාර රෝහ­ලට ඇතු­ළත් කර තිබේ.

බන්ධ­නා­ගාර රෝහලේ 4 වැනි වාට්ටුවේ රඳවා සිටින ඥාන­සාර හිමිගේ රෝගෙි තත්ත්වය සුව අතට හැරෙ­මින් පව­තින බව බන්ධ­නා­ගාර ආරංචි මාර්ග පැව­සීය.

බුද්ධිකා ඉඹු­ලාන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT