Home » යතු­රු­පැ­දියේ ආ කත බිම වට්ටවා සපා­ක­මින් පහර දී මාලය කොල්ල­කාලා

යතු­රු­පැ­දියේ ආ කත බිම වට්ටවා සපා­ක­මින් පහර දී මාලය කොල්ල­කාලා

by damith
March 30, 2024 1:26 am 0 comment
  • මාලයේ හා පෙන්ඩ­නයේ වටි­නා­කම ලක්ෂ දෙක­හ­මා­රක්
  • සැක­කරු අත්අ­ඩං­ගු­වට

යතු­රු­පැ­දි­ය­කින් ගමන් කළ කාන්තා­ව­කගේ මඟ හරස් කර, යතු­රු­පැ­දි­යට පයින් ගසා පෙරළා දමා, ඇගේ කොණ්ඩ­යෙන් ඇද බෙල්ල මිරිකා, පොල්ලක් රැගෙන පහර දී , අන­තු­රුව එක් අතක් සහ කකු­ලක් සපා­ක­මින් රුපි­යල් දෙලක්ෂ පන­ස්ද­හ­සක් වටිනා රන් මාල­යක් සහ පෙන්ඩ­න­යක් කොල්ලකා පලා ගිය පුද්ග­ල­යකු අත්අ­ඩං­ගු­වට ගත් බව ඇල­යා­ප­ත්තුව පොලි­සිය පව­සයි.

මෙලෙස අත්අ­ඩං­ගු­වට පත්ව ඇත්තේ, අනු­රා­ධ­පුර, මහ­බු­ලං­කූ­ලම සම­න­ල­ගම පදිං­චිව සිටි වයස අවු­රුදු 47ක පුද්ග­ල­යෙකි. පැමි­ණි­ලි­කාර 38 හැවි­රිදි කාන්තාව තම දරුවා පාසල නිමවී, රැගෙන ඒම සඳහා යතු­රු­පැ­දි­ය­කින් මහ­බු­ලං­කු­ලම වැව් බැම්ම මතින් ගමන් කර­මින් සිටි­යදී සැක­කරු ඇයට පහර දී මෙම කොල්ල­කෑම සිදු කර ඇති බව පොලි­සිය කියයි. පොලි­සිය වැඩි­දු­ර­ටත් කියා සිටියේ, ධාව­නය වෙමින් තිබූ යතු­රු­පැ­දිය පයින් ගසා පෙරළා දමා පැමි­ණි­ලි­කා­රි­යගේ කොණ්ඩ­යෙන් ඇද බෙල්ල මිරිකා, හිසට, පිට ප්‍රදේ­ශ­යට සහ දෙපා­ව­ලට සිය­ඹලා පොල්ල­කින් පහර දී, ඇගේ දකුණු අත සහ වම් කකුලේ පසු­පස ප්‍රදේ­ශය සපා කා, බුලං­කු­ලම වැව් බැම්ම මතින් බිමට තල්ලු කර දමා සැක­කරු මෙම කොල්ල­කෑම සිදු කර තිබූ බවයි.

සැක­කරු විසින් කොල්ල­කන ලද රන්මා­ලය සහ පෙන්ඩ­නයේ වටි­නා­කම රුපි­යල් දෙලක්ෂ පන­ස්ද­හ­සක් බව ද පැමි­ණිල්ලේ වැඩි­දු­ර­ටත් සඳ­හන් වේ. අත්අ­ඩං­ගු­වට ගස් සැක­කරු අනු­රා­ධ­පුර මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තව තිබුණි.

අනු­රා­ධ­පුර සංචා­රක - සශිනි මධු­ෂානි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT